බොස්ටන් මැරතන් තරඟය පැවැත්වෙද්දී පුපුරා ගිය බෝම්බ තැබූ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයකු පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලීසිය කියයි.

බෝම්බ තැබූ අනෙක් සැකකරු සොයා බොස්ටන්, වෝටර් ටවුන් යන ප්‍රදේශවල පොලීසිය මෙහෙයුමක් මේ වන විට දියත් කර තිබේ.

බොස්ටන්, වෝටර් ටවුන්හි ගමන් බිමන් නවතා තිස් දහසක් පමණ ජනතාවට තමන් පදිංචි නිවෙස්වලට වී සිටින ලෙස පොලීසිය දැනුම් දී තිබේ.

බොස්ටන් නගරයේ සියලු වෙළෙඳසල් වසා දමා ඇති අතර නගරය පාළු ස්වභාවයක් උසුලන බවත් විදේශ මාධ්‍ය වාර්තා කරයි.