රුසියා සංචාරයක් නිමා කර, බොලීවියා ජනපති ඊවෝ මොරාලේස් පෙරේදා (2) සවස සිය පෞද්ගලික ජෙට් යානයෙන් ආපසු බොලීවියාව බලා ගමන් කරමින් සිටිද්දී, ගුවන් යානය වහාම ඔස්ටි‍්‍රයාවට ගොඩ බාන්නැයි එහි නියමුවන්ට අණ ලැබුණි.
එම අණ ලැබුණේ යුරෝපා ගුවන් ගමන් පාලන අධිකාරියෙනි. ඒ වනවිට ගුවන් යානය යුරෝපයට ඉහළින් පියාසර කරමින් තිබුණි. අණට කීකරු නොවුණහොත් යානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පැවැතිණි. ඒ අනුව යානය, ඔස්ටි‍්‍රයාවේ වියානා නුවරට ගොඩබෑමට නියමුවෝ කටයුතු කළහ.
යානය වහාම ඔස්ටි‍්‍රයාවට ගොඩබාන්නැයි අණ ලැබී ඇත්තේ බොලිවියා ජනපති මොරාලේස් සමඟ, ඇමෙරිකාවේ රහස් හෙළි කළ ඇමෙරිකාවේ එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරු 30 හැවිරිදි එව්ඩව් ස්නෝව්ඩන් ද යානයේ සිටින බවට ලැබුණු ඔත්තුවකට අනුව යැයි යුරෝපා ගුවන් ගමන් පාලන අධිකාරිය පැවැසීය.
සිද්ධියෙන් පසුව ඒ ගැන මාධ්‍ය හමුවක් පවත්වමින් බොලිවියා විදේශ ඇමැති ඬේවිඞ් චොකුහුවන්කා කියා සිටියේ යානයේ ගමන් මඟ හදිසියේ වෙනස් කිරීමෙන් ජනපති මොරාලේස්ගේ ජීවිතයට තර්ජනයක් වූ බවය.
යානයේ ගමන් මඟ වෙනස් කර එය ඔස්ටි‍්‍රයාවට ගොඩබෑමට ඔස්ටි‍්‍රයා බලධාරීන් ‘උසි ගැන්නුවේ’ ඇමෙරිකාව යැයි ද විදේශ ඇමැතිවරයා චෝදනා කරයි.
මොරාලේස්ගේ ජෙට් යානය යුරෝපයට ඉහළින් පියාසර කරද්දී එය තම රටේ ගුවන් සීමාවලට ඇතුළු වීමට ප‍්‍රංශයත්, පෘතුගාලයත් අවසර නොදුන් බව ද වාර්තා වෙයි.
ප‍්‍රංශයත් පෘතුගාලයත් එසේ කළේ ඇයිදැයි පැහැදිලි කළ යුතු යැයි ද බොලිවියා රජය වෙනුවෙන් එරට විදේශ ඇමැතිවරයා විමසා සිටී.
යානයේ ස්නෝව්ඩන් නොමැති බව සැකහැර දැනගැනීමෙන් පසු එය යළි ලතින් ඇමෙරිකාව බලා පියාසර කිරීමට අවසර ලැබුණු බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බොලිවියාවේ ජනාධිපති මොරාලේස් රුසියාවේ සංචාරය කළේ රුසියන් රජය සමඟ තෙල් වෙළෙඳ ගනුදෙනුවක් ගැන සාකච්ඡුා කිරීමටය.
ඔහු රුසියන් ජනපති පුටින් හමුවී ඒ ගැන සාකච්ඡුා කළ බවත් එය සාර්ථක වූ බවත් මාධ්‍ය වාර්තා කළේය. ජනපති මොරාලේස් යළි සිය රට බලා යෑමට ගුවන් යානයට ගොඩවුණේ පෙරේදා (2) රාති‍්‍රයේය.
ඇමෙරිකා රජයේ ඔත්තු බැලීම් ගැන බි‍්‍රතාන්‍යයේ ‘ගාඩියන්’ පුවත්පත ඔස්සේ ස්නෝව්ඩන් ලොවට හෙළි කළේ ඉකුත් ජූනි මාසයේදීය. ඒ ඔහු ඇමෙරිකාවෙන් පිටවී හොංකොං දේශයේ හෝටලයක රැඳී සිටිමිනි.
රාජ්‍ය රහස් හෙළි කළේ යැයි ස්නෝව්ඩන්ට එරහිව ඇමෙරිකන් රජය චෝදනා එල්ල කළ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ද උත්සහ කළේය.
එම අවස්ථාවේදී, ස්නෝව්ඩන් හොංකොං සිට ගුවන් මගින් රුසියාවට පැමිණියේය. ඒ, රුසියන් රජයේ අනුදැනුම මතය.
රුසියාවේ සිට රැකවරණ පතා ලතින් ඇමෙරිකා රටවල් වන කියුබාවට හෝ එක්වදෝරයට හෝ බොලීවියාවට යෑමට ස්නෝව්ඩන් උත්සහ ගනිද්දී, ඇමෙරිකාව ඔහුගේ ගුවන් ගමන් බලපත‍්‍රය අහෝසි කළේය.
නිසි ලියකියවිලි නැතිව රුසියාවෙන් පිටවීමට ස්නෝව්ඩන්ට හැකියාවක් නොලැබුණි. ඔහු රුසියාවේ මොස්කව් නුවර ෂෙරෙමෙටෙයේවෝ ගුවන් තොටුපොළේ රැඳී සිටින බව ඉකුත් පළමු වැනිදා ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
බොලිවියා ජනපති මොරාලේස් රුසියාවට පැමිණි අවස්ථාවේදී කියා සිටියේ ස්නෝව්ඩන්ට රැකවරණ දීම ගැන තමන් සැළකිල්ලක් දක්වන බවය.
ජනපති මොරාලේස්, රුසියාවෙන් පිටවී යද්දී, ස්නෝව්ඩන් ද රහසින් එම යානයේ යන්න ඇතැයි ඇමෙරිකා රජය අනුමාන කළේ එහෙයිනි.
මොස්කව් ගුවන්තොටුපොළේ රැඳී සිටිද්දී ස්නෝව්ඩන්, රුසියාව ඇතුළු රටවල් 19 ක ගෙන් ඉල්ලා ඇත්තේ තමන්ට රැුකවරණ දෙන ලෙසය. එම රටවල් අතර ඉන්දියාව ද සිටී. බොහෝ රටවල් ඔහුගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර, ඇතැම් රටවලට එසේ දේශපාලන රැුකවරණ දිය හැක්කේ එම පුද්ගලයා එම රටට පැමිණිය හොත් පමණි.
ස්නෝව්ඩන් රුසියාවෙන් ද රැුකවරණ ඉල්ලා ඇත. රැුකවරණ දීමට රුසියානු රජය කැමැත්ත පළ කර ඇත්තේ එක් කොන්දේසියක් පිටය. එම කොන්දේසියට ස්නෝව්ඩන් කැමැති නැත. -‘‘අප කැමතියි ස්නෝව්ඩන්ට රැකවරණ දෙන්න. නමුත් එක කොන්දේසියක් පිට. අපේ ඇමෙරිකන් හිතවතාට අනතුරක් වන අන්දමින් කරන සියලූම කටයුතු ඔහු නැවැත්විය යුතුයි. එයයි අපේ කොන්දේසිය. ඔබ පුදුම වේවි අප ඇමෙරිකාව වෙනුවෙන් කතා කිරීම ගැන. ඒත් අපේ කොන්දේසිය එයයි.” යැයි රුසියා ජනපති පුටින් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියන් සරණන් ගච්ඡාමි කියන්ට කට හදාන ඉන්න අපේ රටේ ඉනියා බටහිර විරෝදින්ට පුටින් මහත්තය කනේ පහරක් නොවේ පයින් පහරක්ම ගහල. පවු අනේ.(නදී)
රුපගේ කතාව නම් මසුරන් වටිනවා (අ)
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
එතකොට මේ සිද්දිය මානව හිමිකම් කැඩිමක්ද නැත්ද? දන්නේ නැති නිසා අහන්නේ, කව්රු හරි කියලා දෙන්ඩකෝ.(නදී)
එහෙම නෙමෙයි,ඇමෙරිකාව හෝ වේවා රුසියාව හෝ වේවා අයුක්තිය නම් එරෙහි විය යුතුයි. ඒකයි මිනිසත්කම.(තම ගඳ වසා අනුනගේ කුණු ඇවිස්සු-මනසින් උසස් හින්දලු අපි මිනිස්සු). (නි)
ඇමෙරිකාවට දැන් උතුර දකුණ මාරු වෙලා තියෙන්නේ. කවදා හරි ඇමෙරිකාව උන්ගේ ලොකුම ප්‍රශ්නයකට ලංකාව ළඟ වැද වැටිලා උදව් ඉල්ලනවා. හැබයි එදාටත් ඉන්න ඕන අපේ අද ඉන්න ජනාදිපති මයි. වෙන අය ආපුවහම දන්නාවනේ පැනලා ඇමෙරිකාවට පුදන්න නේ හදන්නේ.(නදී)
උදය, ඔලුවට ලොකු ගලක් වැදුනද ඔය තරම් සිහි විකල් වුනේ ? (නදී)
පුටින් බය ඇති කේ.ජී.බී එකේ රහසුත් එලියට යයි කියලා. කොහොම උනත් අපේ රටේ නායකයෝ තේරුම්ගන්න ඕනේ අපි මොන මාවතේද ගමන් කරන්න ඕනා කියලා.(නදී)
උදයලා වගේ ඊනියා ජාතිකවාදියෝ කියන අය එක එක්ක ෆැන්ටසි මවමින් ඇමරිකන් විරෝදය කියන සංකල්පේ පාවිච්චි කරලා කියක් වත් හොයා ගන කනවා. ඒකට අපි තරහා නැහැ. නමුත් පාරවල් ගානේ ජල්ලි අල්ල අල්ලා මෝහයෙන් පිරිච්ච මිනිස්සු ගොනාට අන්දමින් දුෂිත පාලකයන්ට නියමින් හෝ අනියමින් කඩේ යමින් රටේ ප්‍රශ්න අමතක කරවා මහජන වෛරයි ඇමරිකන් විරොදයක් කරා දැක්කවිමේ ක්‍රමය රට තවත් වලපල්ලට යැවීමකි.(නදී)
හහා චාමික , උදයලා වගේ අය ඔය වගේ සිහි විකල්ලෙන් කියවනවා ඕනෑ තරම් (නි)
උදය බෝතල් අඩියක් පාගා ගෙනද ඉන්නේ.(නදී)