එදා මෙදා තුර වාර්තා වූ ලොව විශාලතම වන්දිය ඉල්ලා අධිකරණය ඉදිරියේ චෝදනා පත‍්‍ර කිරීමට ඇමරිකාවේ නිව්යෝර්ක් නගරවැසියෙක් කටයුතු කර තිබේ.

තම මැදගිල්ල බල්ලෙකු සපා කෑම නිසා තමන්ට සිදුවූ අගතියට ඔහු ඉල්ලා සිටින මුදල ඩොලර් 2 000 000 000 000 000 000 000 000 000 000 000 කි.එනම් ඩොලර් අන්ඩෙසිලියන  2 කි. ඇමෙරිකා අන්ඩෙසිලියන බිංදු 36 කි.මහා බ්‍රිතාන්‍ය අන්ඩෙසිලියන බිංදු 66 කි.ශ්‍රී ලංකා මුදලින් එම මුදල අන්ඩෙසිලියන 264 කි.

මෙය දැනට පෘථිවියේ විවිධ රටවල් සතු සියලූ මුදල් එක්කළද සපුරා ලිය නොහැකි තරමේ මුදල් ප‍්‍රමාණයක් වන බවද සදහන්ය.

බල්ලාගේ හිමිකරුවාගේ සිට,ඔහු බල්ලා සපා කන අවස්ථාවේ ගමන් කරමින් සිටි බස් රිය හිමි සමාගමත්,ඔහුට ප‍්‍රතිකාර කළ රෝහලත්, දක්වා සියලූදෙනා නඩුවේදී වග උත්තරකරුවන් ලෙස ඔහු තම චෝදනා පත‍්‍රයේ හදුන්වාදී ඇත.

ඇගිල්ල සපා කෑමෙන් පසු තමන්ගේ සිවිල් අයිතිවාසීකම් උල්ලංඝණය වීමේ සිදුවීම් වලටද,ඇගිල්ලේ තුවාළයක්ද,තාඩන පීඩන වලටද,වංචාවන්ටද, හසුවීමට සිදුවූයේ යැයි චෝදනා පත‍්‍ර ගොනු කර ඇති 62 හැවිරිදි ඇන්ටන් පුරිසිමා කියයි.

මෙය තමන් මරාදැමිමට කළ උත්සාහයක් ලෙසද හදුන්වාදීමට ඔහු කටයුතු කර ඇත.

නඩුව විභාගයට ගන්නේදැයි තවමත් සදහනක් නොමැත.