IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බලයෙන් නෙරපූ ඊජිප්තු ජනපති මොර්සිගේ නඩු විභාගය ඇරැඹේ

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා දැමුණු, ඊජිප්තුවේ ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපති මොහොමඞ් මොර්සිට එරෙහි නඩු විභාගය ඊයේ (4) කයිරෝ නුවරදී ආරම්භ විය.
 

ජනාධිපති මොර්සි

මොර්සිගේ නඩු විභාගය ආරම්භ වීමත් සමඟ කයිරෝ නුවර ආරක්ෂාව තර කෙරුණි. විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණේ හමුදාවේත්, පොලිසියේත් 25,000 ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබුණු බවය.

නඩු විභාගය පැවැත්වෙන්නේ, ජනපති මොර්සි බලයේ සිටිද්දී, විපක්ෂ කි‍්‍රයාකාරීන් පස් දෙනකු වද බන්ධනයට ලක් කර මරා දැමීමට අණ කළේ යැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙනි.

මොර්සි එම විපක්ෂ කි‍්‍රයාකාරීන් පිරිස මරා දැමීමට අණ දී ඇත්තේ 2012 වසරේ දෙසැම්බර් 5 වැනිදාය. පිරිස වධබන්ධනයට ලක් කර මරා දැමුණේ ද කයිරෝ නුවර ජනපති මන්දිරය ඉදිරිපිටදීය.

මොර්සි අධිකරණයට යොමු කළ අවස්ථාවේදී ඔහුගේ අධාරකරුවන් මෙන්ම මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ අධාරකරුවෝ ද අධිකරණය ඉදිරිපිට විරෝධතා පැවැත් වූහ.

කලහකාරීව හැසිරුණු එම පිරිස් විසුරුවා හැරීමට ඊජිප්තු අන්තර්වාර රජය කැරැුලි මර්දන පොලිසියට අණදුන් අවස්ථාවේ විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර දරුණු ගැටුමක් හට ගැණින. එහිදී මොර්සි ආධාරකරුවෝ දෙදෙනනෙක් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූහ. 25 දෙනෙක් තුවාල ලැබූහ. පොලිසිය කියා සිටියේ 80 දෙනකු අත්අඩංගුවට ගත් බවය.

ඉකුත් ජූලි මස 3 වැනිදා සිදුවුණු හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු හමුදාව විසින් මොර්සි අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත් කරනු ලැබ සිටී. මොර්සිගේ නිවාස අඩස්සි කාලය මේ වනවිට දීර්ඝ කර ඇති බව ද පැවැසෙයි.

2010 අරාබි වසන්තයෙන් පසු, වසර 30 ක් තිස්සේ ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වීමෙන් පසු, රටේ පැවැති ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපතිවරණයෙන් සියයට 50 කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකරගෙන ජයගත්තේ මොර්සිය. මොහොමඞ් මොර්සි ඊජිප්තුවේ පළමු ඉස්ලාමීය ජනාධිපතිවරයා ද විය.

ඊජිප්තුවේ හමුදා කුමන්ත‍්‍රණයකට මඟ පෑදුණේ ජනපති මොර්සි හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ නව නීති ජනතාවගේත් එරට විපක්ෂ කණ්ඩායම්වලත් අප‍්‍රසාදයට හේතු වීම නිසාය.

හමුදා ආඥාවක් හරහා මොර්සි බලයෙන් නෙරපා දැමීමෙන් පසු ඊජිප්තු හමුදාපති අල් සීසී කියා සිටියේ, තමන් දිගටම බලය අල්ලාගෙන සිටීමේ කැමැත්තක් නැති බවත් මාස 6 ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත්ය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ ව්‍යවස්ථා අධිකරණ අගවිනිසුරු අබ්ලී මන්සූර් භාරකාර ජනපති ලෙස පත් කෙරුණි.

ඊජිප්තු ජනතාවගේ ඉල්ලීම්වලට කන් නොදීම නිසා හමුදාව, ජාතික වගකීමක් සේ සලකා තම යුතුකම ඉටු කළේ යැයි හමුදාපති ජනරාල් අල් සීසී එම අවස්ථාවේදී වැඩි දුරටත් කියා සිටියේය.

ජනපති මොර්සිට එරෙහි විරෝධතා ඇරැඹුණේ ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දී ය. විරෝධතා සංවිධානය කළේ, ඊජිප්තු විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.

මොර්සි සහ ඔහුගේ නිදහස් සහ යුක්තිය පක්ෂයටත්, එම පක්ෂය මෙහෙය වූ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂයටත් එම විරෝධතාකරුවන් චෝදනා කළේ බලය බෙදා ගැනීමට එම පක්ෂ කැමැත්තක් නොදැක්වූ බවටය.
 

තුවාලකරුවකු රෝහල කරා රැගෙන යමින්
 
මොර්සි ආධාරකරුවන්ට පොලිසිය හරස් වෙමින්.

 



අදහස් (0)

බලයෙන් නෙරපූ ඊජිප්තු ජනපති මොර්සිගේ නඩු විභාගය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 515 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site