බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන්තොටුපොළේ බෝම්බ පිපිරවීමට සම්බන්ධ   ප්‍රධාන සැකකරු බව කියන  නජීම් ලච්රාව් (24)  නම් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය නොවැම්බරයේ පැරිසියේ දී 130 දෙනකු පමණ ඝාතනයට මොහු හවුල් වූ බව ප්‍රංශ පොලිසිය කියයි.

ඩීඑන්ඒ ජාන පරීක්ෂණවලින් සහ ඔහු සිටි නිවාසවල විස්තර අනුව ඔහු සැකකරුවකු බව තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.