බ්‍රසීලයේ සාවෝ පාවුලෝ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 11 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පස් දෙනකු ජලයේ ගිලී මියගොස් ඇති අතර හය දෙනකු නායයෑම හේතුවෙන් මියගොස් ඇත. ආරක්ෂක අංශ වාර්තා කර ඇත්තේ මියගිය අය අතර කුඩා දරුවකු ද සිටින බවයි.
ගොඩනැගිලි බොහොමයක් ගංවතුරින් යටවී ඇති බවද වාහන ගසාගෙන ගොස් ගස් හා වහලවල් මුදුනේ රැඳී තිබුණු බවද පැවසේ.
ප්‍රදේශයේ ගමනාගමනය ඇණහිට ඇති අතර දුම්රිය ස්ථාන දින නියමයක් නොමැතිව වසා දමා ඇත.
මර්සිඩීස් බෙන්ස් වර්ගයේ ට්‍රක් හා බස් කර්මාන්තශාලාවක් ගංවතුරින් යටවී ඇත. කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ වර්ෂාව තව දින කිහිපයක් පවතිනු ඇති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd