යුරෝපයේ පැරණිතම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානයක් වන ජර්මනියේ බර්ලින් විහාරයේ කඨින පිංකම අමරපුර ශ්‍රී ධම්මරක්කිත නිකායේ මහානායක තිරිකුනාමලේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දින දෙකක දී පැවැති පිංකම සඳහා ශ්‍රී ලාංකික, ජර්මන්, තායි, කාම්බෝජ සහ වෙනත් ජාතික බෞද්ධ සැදැහැවතුහු විශාල පිරිසක් සහභාගී වුහ. ප්‍රධාන අමුත්තා ලෙස ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම සහභාගි විය.
මුල් දිනයේ සවස පරිත්‍රාණ ධර්ම දේශනයක් හා දෙවන දිනයේ බුද්ධ පුජා,සාංඝික දාන සහ කඨින චීවර පුජා පිංකම පැවැත්විණි. තිරිකුනාමලේ ආනන්ද හිමි ,බර්ලින් විහාරවාසී දික්වැල්ලේ සීලසුමන හිමි, කෝන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමි, දික්වැල්ලේ ධම්මවිලාස හිමි, කරතොට පඥාසීල හිමි, පානදුරේ සාරානන්ද හිමි සහ තායිලන්තයේ අනුසක් හිමි පින්කමට සහභාගි වුහ.
දික්වැල්ලේ සීලසුමන හිමි සහ කෝන්ගස්පිටියේ ශාන්තරක්කිත හිමියන්ගේ උපදෙස් සහ අනුශාසනා අනුව දින දෙකෙහිම වැඩ කටයුතු සම්බන්ධීකරණය කෙරුණේ තිස්ස වීරරත්න විසිනි.
ජර්මනියේ ථෙරවාදී බුදුසමය පිහිටවීමේ පුරෝගාමියාවූ පෝල් ඩාල්ක් විසින් බර්ලින් විහාරය ආරම්භ කෙරුණේ 1924 දිය. අශෝක වීරරත්න විසින් ආරම්භ කළ ජර්මන් ධර්මදුත සංගමය විසින් 1952 දී බර්ලින් විහාරස්ථානය සඳහා අවශ්‍ය ඉඩම ලබාගෙන මහා සංඝරත්නය වැඩම කරවා බර්ලින් විහාරස්ථානය ස්ථාපිත කරනු ලැබිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd