IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


බිරිය මළාට ගුවන් සමාගමට නඩු

නිසි ප‍්‍රතිකාර ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි කර සිය බිරිදගේ මරණය ඉක්මන් කළ බව කියා ගුවන් යානා සමාගම් තුනකකට එරෙහිව නීතිමය පියවර ගැනීමට හංගේරියානු සැමියෙක් සැරසේ විල්මා සෝල්ටෙස් හා ඇගේ සැමියා වන ජැනෝස් සෝන්ටෙස් මෙවරත් ඇමරිකා එක්සත් ජනපදයේ සිට සිය මව් රට වන හංගේරියාවට පැමිණ ඇත්තේ  කෙටි නිවාඩුවක් ගත කිරීමටය.56 හැවිරිදි විල්මා රාත්තල් 425 බර තරබාරු තැනැත්තියකි.නිව්යෝක් නගරයෙන් කේ.එල්.එම්. ගුවන් යානයකින් ඇය සහ ජැනෝස් හංගේරියාවට පැමිණ ඇත. විල්මාගේ තත්ත්වය තේරුම් ගත් බළධාරීන් සාමාන්‍ය මගී ආසන පටි ඇයට කුඩා වීම නිසාවෙන් විශේෂයෙන් සැකැසූ ආසන පටියක්ද ඇය වෙනුවෙන්ම දුන්නේය හංගේරියාවේදී  ඇයට හදිසි අසනීප තත්ත්වයක් ඇතිවීය   ඇය  නැවත නිව්යෝක් නගරයේ ඇයගේ වෛද්‍යවරුන්ට පෙන්වීම සදහා ඇමරිකාවට රැුගෙන යාමට ජැනෝස් තීරණය කර ඇත.හංගේරියාවේ බුඩාපෙස්ට් ගුවන්තොටට ගොස් කේ.එල්.එම්. ගුවන් සේවයට අයත් ගුවන්යානයකට ගොඩවන්නේ සිය බිරිදට මෙවරද පහසුකම් ලබා දීමට ඔවුන් කටයුතු කරතියි සිතාගෙනය . එහෙත් ඔහුගේ අපේක්ෂා බිද හෙලමින් යානයේ නියමුවා පවසා ඇත්තේ වෙල්මාට ආසන පටි හරිහැටි තද කරගැනීමට නොහැකි  නිසා ඇයත් රැුගෙන ගුවන්ගත වුවහොත් ඇයටත් ගුවන් යානයේ ගමන්ගන්නා අනෙක් මගීන්ටත් අනතුරක් විය හැකි බැවින් යානයෙන් ඉවත් වන ලෙසයි  අවසානයේ විල්මාත් රැගෙන ජැනෝස් යන්නේ ප‍්‍රාග් .ඒ කේ.එල්.එම්. ගුවන් සේවයෙන්ම කළ රෙකමදාරුවකට අනුවය.ප‍්‍රාග් නුවර ඩෙල්ටා ගුවන්  යානයකින් විල්මාට නිව්යෝක් කරා යාමට හැකිවේයැයි ඔවුන් කළ රෙකමදාරුවට අනුව බුඩාපෙස්ට් සිට ප‍්‍රාග් නුවර කරා යන ජෝනාස්ගේ බලාපොරොත්තු නැවතත් බිද වැටෙන්නේ ඩෙල්ටා ගුවන් සේවයද විල්මාව සිය යානයකට නංවා ගැනීමට අදිමදි කිරීම නිසාවෙනි.යළිත් බුඩාපෙස්ට් නගරය කරා පැමිණෙන ඔහු මෙවර තෝරා ගන්නේ ලූෂ්තාන්සා ගුවන් සේවයයයි.එහෙත් ඔවුන්ද විල්මාව යානයේ ගෙන යාම ප‍්‍රතික්ෂේප කර ඇත. මේ කළබල අතරතුර සිය අසනීප තත්ත්වය උත්සන්න වීම නිසා විල්මා මිය ගියාය . මේ හමුවේ කලබලයට පත්ව ඇති ගුවන් යානා සමාගම්  වෙන්ව නිවේදන නිකුත් කරමින් තමන් විල්මාට උපරිම පහසුකම් ලබා දීමට කටයුතු කළ බව කියයි. ඔවුන් දැන් නිදහසට කරුණු ඉදිරිපත් කරනා බව පවසන ජැනෝස් ඉදිරියේදීවත් මෙවන් විපතක් කිසිවෙකුට අත් නොවීමට ගුවන් යානා සමාගම් පියවර ගන්නා තෙක් සිය සටන අත්නොහරින බව පවසයි.



අදහස් (0)

බිරිය මළාට ගුවන් සමාගමට නඩු

ජෝසප් Wednesday, 28 November 2012 07:05 PM

අනේ මන්දා

:       0       0

ලලිත් - කටාර් Thursday, 29 November 2012 11:22 AM

හරියටම හරි. මෙවන් දේවල් නැවත සිදුනොවෙන්න වගබලාගත යුතුයි. (නි)

:       0       0

මධූ Wednesday, 28 November 2012 02:35 PM

හොඳ සැමියෙක් (ස)

:       0       0

දයා සෞදි Thursday, 29 November 2012 01:49 PM

මේක හරියට ක්‍රියාත්මක වෙයිද? උනොත් නම් හොදයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1677 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1410 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site