කෙන්යාවේ සෝමාලියානු දේශසීමාව ආසන්නයේ ආරක්ෂක නිලධාරීන් රැගත් රථයක් ඉලක්කකර එල්ල කරන ලද බෝම්බයකින් කෙන්යානු පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇත.
ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු තුවාල ලබා ඇති බවද බෝම්බය ප්‍රාදේශීයව නිපදවන ලද එකක් බවද සඳහන් වේ.
පොලිසිය පවසන්නේ මෙය අල් ශබාබ් කණ්ඩායමේ ක්‍රියාවක් බවට සැකකරන බවයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති බවද ඔවුහු පවසති.
පසුගිය ජුනි මාසයේදී එල්ල කරන ලද මෙවැනිම ප්‍රහාරයකින් පොලිස් නිලධාරීහු බොහෝ පිරිසක් මියගියහ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුණු ත්‍රස්තයන් නැතිකරපු අපේ හමුදාවෙන් ගන්න උපදෙස්.