චීනයට පසුව ලෝකයේ විශාලතම ඇගලූම් අපනයනකරු බංගලිදේශයයි.එසේ වුවත් සේවකයන්ට නම් ලැබෙන්නේ කුඩම්මාගේ සැළැකිලි බව කියැවේ.කර්මාන්තශාලා බොහෝමයක් නිශ්චිත ආරක්ෂක ප‍්‍රමිතීයට අනුකූලව ඉදිකර නැති බවත් 109 දෙනෙකුට මරණය කැදවමින් ගිනිගත් කම්හලද එවැනි කම්හලක් බවත් එරට මාධ්‍ය කියයි. තට්ටු 9 ක් උස ඇගලූම් කම්හලේ බිම් මහලෙන් පටන් ගත් ගින්න ඉහළ මහල් කරා ව්‍යාප්තව ගොස් ඇත.සිද්ධිය ඇසින් දුටුවන් පවසන ආකාරයට ගින්න දුටු සේවකයින් ආරක්ෂාව පතා දිව ගොස් ඇතත් දොරටු අතරින් රිංගා යෑමට දැරූ උත්සාහයේදී තදබදයට හසු වීමෙන් ගින්නට ගොදුරු වී තිබේ.තවත් අය සිය ජීවිතය බේරා ගැනීමේ අපේක්ෂාවෙන් ඉහළ සිට බිමට පැන තිබේ. ඔවුන් අතුරින් ඇතැම් දෙනා තුවාල ලබා බේරී ඇතත් බොහෝ දෙනෙකුට අත්ව ඇත්තේ මරණයයි.