බංග්ලාදේශයේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන ජමාත් ඊ ඉස්ලාමි පක්ෂයේ ප්‍රධානියකු වන මිර් කාසිම් අලිට මරණ දඬුවම නියම කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

1971 නිදහස් අරගලයේ දී යුද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවකු වීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි. ඔහුට 2014 වසරේදී මරණ දඬුවම නියම කළද ඩකා නුවරට එල්වූ ප්‍රහාරයෙන් පසු අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා තැබුණු අතර සෙනසුරාදා (3) ඔහු එල්ලා මරා දමනු ලැබීය.

චිතගොං හි වරාය නගරයේ අල් බාදර් හමුදා ඛණ්ඩයේ අණදෙන්නා ලෙස 1971 යුද්ධයේදී කටයුතු කළ ඔහු පසුව නැව් සහ ඉඩම් වෙළඳාම් හි නියුතුව කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූ අතර බංග්ලාදේශ ඉස්ලාමීය බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙසද කටයුතු කළේය.