බංගලාදේශයේ ඩකා නුවර ආපනශාලාවකදී 22දෙනකුට මරු කැඳවමින් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව මුස්ලිම් ජාතිකයින් හත්දෙනකුට මරණ දඬුවම නියම වී තිබේ.

ඩකාහි හෝලි ආර්ටිසන් කැෆේ වෙත ප්‍රහාරය එල්ල කරනු ලැබුයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර දී ය. මෙහිදී මියගිය බොහෝ දෙනා ඉතාලි හා ජපන් ජාතිකයෝ වූහ.

ප්‍රහාරය එල්ල කිරීම සඳහා පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණි අතර එය සැලසුම් කිරීම, ආයුධ සැපයීම යන චෝදනාවලට අටදෙනකුට විරුද්ධව නඩු පවරනු ලැබිණ. එයින් එක් අයෙකු නිදොස් කොට නිදහස් කරන ලදී.

ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය විසින් බාරගත් නමුත් එය ප්‍රාදේශීය සටන්කාමී කණ්ඩායමක් විසින් කරන ලද බව බංගලාදේශ බලධාරීහු පැවසූහ.
 
 (බීබීසී ඇසුරිණි - 085)