IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බංග්ලාදේශයේ ඇඟැලූම් කම්හලේ ගින්නට 9 ක් බිලි: 15 දෙනෙක් රෝහලේ

බංග්ලාදේශයේ ඩකා අගනුවරට කිලෝ මීටර් 40 ක් දුරින් පිහිටි ගාසිපූර් නගරයේ ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ලක ඊයේ (9* හදිසියේම හටගත් ගින්නකින් එහි සිටි නව දෙනෙක් ඊට බිලිවූහ. 15 දෙනෙක් තුවාල ලැබූහ.

ගිනි නිවන භටයෝ වහා කි‍්‍රයාත්මක වී පැය කිහිපයක් ඇතුළතදී ගින්න නිවා දැමූහ. ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැති අතර, ඒ ගැන පරීක්ෂණ දිගටම සිදු කෙරන බව බලධාරීහු පවසති.

ගාසිපූර් බලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ ගින්නට හසුවී මියගිය පිරිස අතර, කම්හලේ කළමණාකාරවරුන් තිදෙනකු ද සිටින බවය. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකු දුම් ආඝ‍්‍රාණය වූවන් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

බංග්ලාදේශයේ ඇඟලූම් කම්හලවල ආරක්ෂාව සහ ප‍්‍රමිතිය ගැන පසුගිය වසර කිහිපය තිස්සේ කතාබහට ලක්විය. මේ වසර මුලදී ඇඟලූම් කම්හල් දෙකක ගින්නක් හට ගත්තේය.

ඉකුත් අපේ‍්‍රල් මාසයේ, ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 500 කට ආසන්න පිරිසක් පණ පිටින් වැළැලී ගියහ. දහසකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෑත කාලයේ බංග්ලාදේශයේ සිදු වූ දරුණුතම කම්හල් අනතුර එය යැයි පැවැසිණි.

අනතුරට පත් වූ එම ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ සවාර් දිස්ති‍්‍රක්කයේය. රානා ප්ලාසා නමින් හැඳින්වෙන එම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. වැටුණේ එය නිසි ලෙස නඩත්තු නොකිරීම නිසාය.

 

සහන සේවකයන් අනතුරට පත්වූවන් සොයමින්...
 
සහන සේවකයන් ගින්න  නිවමින්...

 



අදහස් (0)

බංග්ලාදේශයේ ඇඟැලූම් කම්හලේ ගින්නට 9 ක් බිලි: 15 දෙනෙක් රෝහලේ

රනා-බංග්ලාදේශ් Thursday, 10 October 2013 02:05 PM

රනා ප්ලාසා එක කඩා වැටිල විසිදාහකට වැඩි ගණනක් ජීවිත අහිමි කර ගත්ත. ඒක අත්තිවාරම් දාල තියෙන්නේ තට්ටු 4 කට. හදල තියෙනවා තට්ටු 9ක්. සුපර් මාර්කට් එකකට හදල. ඇඟලුම් කම්හල් 5ක් දාල. ඉතින් කඩා වැටෙන් නැතිව තියේවිද.(දිල්)

:       0       0

ටෙරන්ස් Thursday, 10 October 2013 10:27 AM

මියගිය මිනිසුන් වෙනුවෙන් සාතිශය සංවේගය... (දී)

:       0       0

කුමාර Thursday, 10 October 2013 10:51 AM

කනගාටුයි මිය ගිය සැමට නිවන් සුව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site