IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


පොළවේ ගැටුම් අභ්‍යවකාශයටත් යයි?

අභ්‍යාවකාශයේ විශේෂ යුද මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යන්නේ යැයි පෙන්ටගනය නිවේදනය කිරීමත් සමඟ පොළව මත ඇති ගැටුම් අභ්‍යාවකාශයටත් යන ලකුණු පහළවී තිබේ.

මෙම විශේෂ යුද මධ්‍යස්ථානයෙන් සිදුවන්නේ දැනට අභ්‍යාවකාශයේ තිබෙන ඇමරිකාව සතු චන්ද්‍රිකා හා පෘථිවිය අතර පවතින සබඳතාවය සම්බන්ධීකරණ කිරීම බව පෙන්ටගනය පැවසුවත් සත්‍ය එය නොවන බව විශේෂඥ මතයයි.

මෙය තවදුරටත් සනාථවන්නේ අභ්‍යාවකාශය හා බැදුණු බුද්ධි මෙහෙයුම් පිළිබඳ පසුගියදා පැවැත්වුණු විශේෂ සම්මන්ත‍්‍රණයකදී ඇමරිකා නියෝජ්‍ය ආරක්ෂක ලේකම් රොබර්ට් වර්ක් දැක්වූ අදහස් සළකන විටදීය. කිසිවෙකු හෝ අභ්‍යාවකාශයේ අපට හිමි ඉඩ උදුරා ගැනීමට සැරසෙන්නේ නම් ඊට වහා ප‍්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටිය යුතු බව ඔහු කීවේය.

ඇමරිකාව මෙවන් සැළසුමක් කි‍්‍රයාවට නැංවීමට සැරසෙන්නේ පසුගිය සමයේ චීනය අභ්‍යාවකාශයේ ඇති චන්ද්‍රිකා විනාශ කළ හැක්කේ කෙසේ දැයි සොයාබැලීමට විශේෂ වැඩසටහනක් දියත් කළ නිසාවෙන් බන විචාරකයින් පෙන්වා දෙන්නකි. එම වැඩසටහනේදී අභ්‍යාවකාශයේ තිබෙන චන්ද්‍රිකා විනාශ කළ හැකි ආකාරයන් කිහිපයක්ම චීනය අත්හදා බැලූ අතර එක් අවස්ථාවක මිසයිලයක් එල්ල කර පෘථිවි වායුගෝලයේ පහළ ස්ථරයක තිබූ චන්ද්‍රිකාවක් විනාශ කෙරුණි.

මෙය සමස්ථ ලෝකයාම හෙළා දැක සිටියද චීනය තම සැළසුම් දිගටම කි‍්‍රයාවට නංවමින් සිටී.

ලෝක බලවතුන්ගේ බල අරගලය අභ්‍යාවකාශයට යාම යනු තවත් කරදර ගොන්නක ආරම්භය වනු ඇති බව විශේෂඥයින් අනතුරු අගවයි.

29EC7F3B00000578-3137366-image-a-3_1435142972777[1] 29EC7F3300000578-3137366-image-a-16_1435143109264[1] 29EC7F4300000578-3137366-image-a-15_1435143072866[1] 29EC7F5800000578-3137366-image-a-14_1435143057836[1]



අදහස් (0)

පොළවේ ගැටුම් අභ්‍යවකාශයටත් යයි?

විජයබාහු Thursday, 25 June 2015 10:09 AM

ඇමෙරිකාව හිතන් ඉන්නවා එයාල තමයි ඔක්කොම හොයාගත්තේ කියලා හැබැයි අනිත් අය හොයාගත්ත එව්වා කියා කියා ඉන්නේ නැ. (ර)

:       0       0

සෙනෙවි Friday, 26 June 2015 09:10 AM

අහස් කූර සහ වෙඩි බෙහෙත් මුල් වරට සොයා ගත්තේ චීන්නු.එම සොයා ගැනීම තමයි අද චන්ද්‍රිකා තාක්ෂණය දක්වා වර්ධනය වෙලා තියෙන්නේ (ම)

:       0       0

කුමාර Thursday, 25 June 2015 11:04 AM

තව වසර 40 කින් චීනය ලෝක බලවතා,අන්න ඒදාට බලාගන්න පුළුවන් අපිට (ම)

:       0       0

හිමාල් Friday, 26 June 2015 03:53 AM

මේක අලුත් දෙයක් නෙවෙයි. සීතල යුධ සමයේ ඇමරිකාව හා සෝවියට් දේශය තාරකා යුධ වැඩසටහනක් ගැන සලකා බැලුවා. ඒ තමන්ගේ රටට ඉහලින් ඇති අවකාශය ආරක්ෂා කර ගන්න කියලා තමයි කියවෙන්නේ. (නදී)

:       0       0

චින්තක Thursday, 25 June 2015 03:12 PM

නුදුරු අනාගතයේ තාරකා යුද්දයක් ඇතිවීම නතර කිරීමට බැරි දෙයක් . (අ)

:       0       0

නුවන් Thursday, 25 June 2015 07:06 AM

ඇමරිකාවේ සොයාගැනීම් නිසා තමා චීනය අද ඔය නැටුම් නටන්නේ.‍ ඇමරිකානු ආධිපත්‍යයට බලපෑමක් වෙනවා නම් අනිවා්‍ර්යයෙන්ම ඔවුන් ආරක්ෂාව සළසාගත යුතුයි.අපි නම් ඉන්නේ ඇමරිකාව සමඟ මිස ඒකාධිපති චීනය සමඟ නෙමෙයි (නි)

:       0       0

නිපුණ Thursday, 25 June 2015 05:14 PM

මට මෙතන අදහස් දක්වන මිනිසුන්ගේ පරගැතිබාවය පිළිබඳ ඉතා දුකයි. චීනය සහ ඇමරිකාව දෙකම ඒකාධිපති රටවල්. හැබැයි හැම කෙනාටම එකක් හොඳයි,අනෙක නරකයි (නි)

:       0       0

සුරංග Thursday, 25 June 2015 07:42 AM

නුවන්, ඇමෙරිකාව හින්දා නෙමෙයිද මේ ලෝකේ වැඩි කොටසක් යුද්ධයෙන් අවතැන්වෙලා ඉන්නේ? සැම සොයාගැනිමක්ම, නිෂ්පාදනයක්ම සියලු සත්වයන්ගේ යහපත සහ පැවැත්ම වෙනුවෙන් වියයුතුයි. ඒකට ඇමෙරිකාවද චීනයද කියලා වෙනසක් නැහැ. (නි)

:       0       0

රුවන් Thursday, 25 June 2015 06:18 PM

තාරකා යුද්ධයයි, රෝස් පාන් කාලයි අතර වෙනස මට වගේම ඇමරිකානුවන්ටත්, අනිත් අයටත් තේරෙනවා නම්, කොච්චර දෙයක්ද? (නි)

:       0       0

රොක් Thursday, 25 June 2015 09:12 AM

අනේ සුරංග දන්නා දෙයක් කතා කරනවද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 914 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 399 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site