අභ්‍යාවකාශයේ විශේෂ යුද මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යන්නේ යැයි පෙන්ටගනය නිවේදනය කිරීමත් සමඟ පොළව මත ඇති ගැටුම් අභ්‍යාවකාශයටත් යන ලකුණු පහළවී තිබේ.
මෙම විශේෂ යුද මධ්‍යස්ථානයෙන් සිදුවන්නේ දැනට අභ්‍යාවකාශයේ තිබෙන ඇමරිකාව සතු චන්ද්‍රිකා හා පෘථිවිය අතර පවතින සබඳතාවය සම්බන්ධීකරණ කිරීම බව පෙන්ටගනය පැවසුවත් සත්‍ය එය නොවන බව විශේෂඥ මතයයි.
මෙය තවදුරටත් සනාථවන්නේ අභ්‍යාවකාශය හා බැදුණු බුද්ධි මෙහෙයුම් පිළිබඳ පසුගියදා පැවැත්වුණු විශේෂ සම්මන්ත‍්‍රණයකදී ඇමරිකා නියෝජ්‍ය ආරක්ෂක ලේකම් රොබර්ට් වර්ක් දැක්වූ අදහස් සළකන විටදීය. කිසිවෙකු හෝ අභ්‍යාවකාශයේ අපට හිමි ඉඩ උදුරා ගැනීමට සැරසෙන්නේ නම් ඊට වහා ප‍්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටිය යුතු බව ඔහු කීවේය.
ඇමරිකාව මෙවන් සැළසුමක් කි‍්‍රයාවට නැංවීමට සැරසෙන්නේ පසුගිය සමයේ චීනය අභ්‍යාවකාශයේ ඇති චන්ද්‍රිකා විනාශ කළ හැක්කේ කෙසේ දැයි සොයාබැලීමට විශේෂ වැඩසටහනක් දියත් කළ නිසාවෙන් බන විචාරකයින් පෙන්වා දෙන්නකි. එම වැඩසටහනේදී අභ්‍යාවකාශයේ තිබෙන චන්ද්‍රිකා විනාශ කළ හැකි ආකාරයන් කිහිපයක්ම චීනය අත්හදා බැලූ අතර එක් අවස්ථාවක මිසයිලයක් එල්ල කර පෘථිවි වායුගෝලයේ පහළ ස්ථරයක තිබූ චන්ද්‍රිකාවක් විනාශ කෙරුණි.
මෙය සමස්ථ ලෝකයාම හෙළා දැක සිටියද චීනය තම සැළසුම් දිගටම කි‍්‍රයාවට නංවමින් සිටී.
ලෝක බලවතුන්ගේ බල අරගලය අභ්‍යාවකාශයට යාම යනු තවත් කරදර ගොන්නක ආරම්භය වනු ඇති බව විශේෂඥයින් අනතුරු අගවයි.

![29EC7F3B00000578-3137366-image-a-3_1435142972777[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29EC7F3B00000578-3137366-image-a-3_14351429727771.jpg)
![29EC7F3300000578-3137366-image-a-16_1435143109264[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29EC7F3300000578-3137366-image-a-16_14351431092641.jpg)
![29EC7F4300000578-3137366-image-a-15_1435143072866[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29EC7F4300000578-3137366-image-a-15_14351430728661.jpg)
![29EC7F5800000578-3137366-image-a-14_1435143057836[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29EC7F5800000578-3137366-image-a-14_14351430578361.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ සොයාගැනීම් නිසා තමා චීනය අද ඔය නැටුම් නටන්නේ. ඇමරිකානු ආධිපත්‍යයට බලපෑමක් වෙනවා නම් අනිවා්‍ර්යයෙන්ම ඔවුන් ආරක්ෂාව සළසාගත යුතුයි.අපි නම් ඉන්නේ ඇමරිකාව සමඟ මිස ඒකාධිපති චීනය සමඟ නෙමෙයි (නි)
නුවන්, ඇමෙරිකාව හින්දා නෙමෙයිද මේ ලෝකේ වැඩි කොටසක් යුද්ධයෙන් අවතැන්වෙලා ඉන්නේ? සැම සොයාගැනිමක්ම, නිෂ්පාදනයක්ම සියලු සත්වයන්ගේ යහපත සහ පැවැත්ම වෙනුවෙන් වියයුතුයි. ඒකට ඇමෙරිකාවද චීනයද කියලා වෙනසක් නැහැ. (නි)
අනේ සුරංග දන්නා දෙයක් කතා කරනවද.? (ර)
ඇමෙරිකාව හිතන් ඉන්නවා එයාල තමයි ඔක්කොම හොයාගත්තේ කියලා හැබැයි අනිත් අය හොයාගත්ත එව්වා කියා කියා ඉන්නේ නැ. (ර)
තව වසර 40 කින් චීනය ලෝක බලවතා,අන්න ඒදාට බලාගන්න පුළුවන් අපිට (ම)
නුදුරු අනාගතයේ තාරකා යුද්දයක් ඇතිවීම නතර කිරීමට බැරි දෙයක් . (අ)
මට මෙතන අදහස් දක්වන මිනිසුන්ගේ පරගැතිබාවය පිළිබඳ ඉතා දුකයි. චීනය සහ ඇමරිකාව දෙකම ඒකාධිපති රටවල්. හැබැයි හැම කෙනාටම එකක් හොඳයි,අනෙක නරකයි (නි)
තාරකා යුද්ධයයි, රෝස් පාන් කාලයි අතර වෙනස මට වගේම ඇමරිකානුවන්ටත්, අනිත් අයටත් තේරෙනවා නම්, කොච්චර දෙයක්ද? (නි)
මේක අලුත් දෙයක් නෙවෙයි. සීතල යුධ සමයේ ඇමරිකාව හා සෝවියට් දේශය තාරකා යුධ වැඩසටහනක් ගැන සලකා බැලුවා. ඒ තමන්ගේ රටට ඉහලින් ඇති අවකාශය ආරක්ෂා කර ගන්න කියලා තමයි කියවෙන්නේ. (නදී)
අහස් කූර සහ වෙඩි බෙහෙත් මුල් වරට සොයා ගත්තේ චීන්නු.එම සොයා ගැනීම තමයි අද චන්ද්‍රිකා තාක්ෂණය දක්වා වර්ධනය වෙලා තියෙන්නේ (ම)