රුධිරය සමඟ ගමන් කරමින් ශරීරයේ අවයව ආසාදනය කරන පිළිකා කාරක සෛල විනාශ කර දැමිය හැකි නවතම ක‍්‍රමයක් සොයාගැනීමට ඇමරිකාවේ කොර්නෙල් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයෝ පිරිසක් සමත් වුහ.
කාලයත් සමග පිළිකාව වර්ධනය වන්නේයැයි කියනුයේ රුධිරය ඔස්සේ එකී පිළිකාකාරක සෛල ශරීරයේ වෙනත් කොටස්ද ආසාදනය කරන නිසාවෙනි.
මෙතෙක් පැවැති ප‍්‍රතිකාර ක‍්‍රම අනුව පිළිකාව ඇති නිශ්චිත ස්ථානය සොයා ප‍්‍රතිකාර කිරීමේදී සාර්ථක වුවත් රුධිරය ඔස්සේ ගමන් කරන පිළිකා කාරක සෛලයන් සොයාගැනීමේදී එතරම් සාර්ථකත්වයක් පෙන්වූයේ නැත.
මේ සදහා විසදුම් ලෙස කොර්නෙල් විශ්විද්‍යාලයේ පර්යේෂකයින් පිරිස හදුන්වාදී තිබෙනුයේ විශේෂ ප්‍රෝටීන විශේෂයකි.මෙම ප්‍රෝටිනයන් රුධිරයේ සුදු රුධිරාණු හා බැදෙන අතර ඒවා පිළිකාකාරක සෛලයන් කොටුකර විනාශ කිරීමේ සමත් බව ඔවුහු කියති.
‘‘ලෝකයේ පිළිකා වැළදුණු පුද්ගලයින් සියයට 90 ක්ම පමණ මරණයට පත්වන්නේ මෙසේ රුධිරය ඔස්සේ පිළිකාකාරක සෛල ශරීරය පුරා ගමන් කර පිළිකාව දැනට ආක‍්‍රමණය කර තිබෙන අවයවය පමණක් නොව අනෙක් අවයවද ආක‍්‍රමණය කරන නිසාය.
විකිරණ ප‍්‍රතිකාර වලින් මෙසේ ගමන් කරන පිළිකාකාරක සෛල විනාශ කිරීම අපහසු දෙයක්.
අපගේ පරීක්ෂණයෙන් අප සිදුකළේ මිනිස් රුධිරයේ සුදුරුධිරාණු නොඑසේ නම් මිනිස් රුධිරයේ සිටිනා ‘‘හමුදා භටයින්‘‘ පිරිස හා එක්විය හැකි ප්‍රෝටීන වර්ගයක් නිර්මානය කිරීම.රුධිරයට එක්කෙරුණු පසු මෙම ප්‍රෝටීන රුධිරයේ ඇති පිළිකාකාරක සෛල හා ගැටී ඒවා කොටු කර ගැනීමේ සමත්.මෙසේ කොටු වූ පසු පිළිකා සෛලය මියයන බව අප නිරීක්ෂණය කළා‘‘ යැයි පරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධානී මහාචාර්ය මයිකල් කින්ග් පවසයි.
මෙම ප්‍රෝටීනයන් සේලයින් ආධාර කරගෙනද සිරුරට ඇතුළු කළ හැකි බව සදහන්ය.නැත්නම් සෘජුවම සිරුරට එන්නත් කිරීමද කළ හැකිය.
පරීක්ෂණය සම්බන්ධයෙන් තවත් වැඩිදුර තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට පර්යේෂක පිරිස බලාපොරොත්තුවෙන් සිටී.පර්යේෂණයෙන් ඔවුන් පවසන ආකාරයට මෙවන් සාර්ථක ප‍්‍රතිඵල ලැබී ඇත්නම් නම් මෙය පිළිකා රෝගීන්ට ජීවිතය ගැන අලූත් බලාපොරොත්තු ගෙන දෙනු ඇත.
COMMENTS
මේ පරික්සනය ඉතාමත් සාර්ථක වේවා (දී)
ඉතාම සුබ ආරංචියක්. (දී)
ලෝක වාසි ජනතාවගේ ජනයාගේ ජිවිත බේරා ගැනීමට ආ දෙවි කෙනෙක් බදුය (දී)
ඉතාමත් වටිනා පරීක්ෂණයක් .ඉතා හොද ප්‍රතිපල ලැබේවා! පරීක්ෂණය 100% ක් ම සාර්ථක වේවා! ඔබලාට බොහොම පින් ලැබෙනවා.(නදී)
බොහෝ වටිනා සොයා ගැනීමක්,පරීක්ෂණ කටයුතු ඉතාමත් සාර්ථක ලෙස නිම කර ගැනීමටත්, ඉන් ලක්ෂ ගණන් මර බියෙන් පෙලෙන පිළිකා රෝගීන්ට ජිවත් වීමේ වරම් ලබා දීමටත් ලැබේවා ...!!! පරීක්ෂණ කටයුතු කරන සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා...!!!(නදී)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත (දිල්)
මෙන්න ,,,ආශ්චාර්ය ...අශ්චර්වයේ .නාමයෙන් නියම අශ්චර්වය ..(දී)
කරුණාකර සොයාබලා පවසන්න,, මට ඉතාමත් ඉක්මනින් මෙම බෙහෙත ලබාගත හැකි ක්‍රමයක් තිබේද?? (දී)
අනේ වාසනාවන් සුභපැතුම් (දී)
නියමයි! (නදී)
රෝගයට ප්‍රතිකාර සොයනවා වගේම පිළිකා හට ගැනීම වළක්වා ගන්නා ආකාරය පිළිබඳවත් සෙවිය යුතුයි.(නදී)
වෛද්‍ය ඉතිහාසයේ අනර්ගතම සොයා ගැනීම .ඉක්මනින් රෝගීන්ගේ ජීවිත වලට උපකාරී වේවා (දී)
ඔබට ස්තූතියි. වැඩේ සාර්තක වේවා .(දිල්)
එම විද්වත් කණ්ඩායමට පින්සිදු වෙනවා. ඉක්මනින් මහජනතාවට දායාද කරන්න.(නදී)
මොනවා කලත් ඇමරිකන් කාරයගෙන් ලෝකෙට විශාල ප්‍රයෝජන තියෙනවා. නරක ටිකයි හොඳ ගොඩයි. මම ඇමරිකාවට ගොඩක් කැමතියි.(නධී)
පිලිකාවෙන් පෙලෙන මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කරන පුවතක් (දී)
ඉතාම හොද සොයා ගැනීමක්,ඉක්මනින්ම ප්‍රයෝගික වී රෝගීන් බේරා ගන්න හැකියාව ලැබෙන්න කියල මන් ප්‍රර්ථනා කරනවා.(නදී)
සාර්ථක ප්‍රතිඵලම ඉක්මනින්ම ලැබේවා!! (ත)