උතුරු ඉන්දියාවේ ලක්නව් නුවර ප‍්‍රාථමික පාසලක දැරියක ඇසූ ප‍්‍රශ්නයක් මුල්කොට ගනිමින් අගමැති මන්මෝහන් සිං ප‍්‍රමුඛ ඉන්දීය රජය ‘අකරතැබ්බකට’ මුහුණ දී සිටියි. අයිස්වර්යා පරාෂාර් නමැති එම 10 හැවිරිදි දැරිය, ඉන්දීය අගමැති කාර්යාලයට ලිපියක් යවමින් විමසා ඇත්තේ, ඉන්දීය නිදහස් සටන මෙහෙයවූ මහත්මා ගාන්ධිතුමන් ‘ජාතියේ පියා’ ලෙස හැඳින්වීමට පටන් ගත්තේ කෙසේද සහ කවදාද යන්නය. ඇය එසේ කළේ තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේය. තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ඉන්දියානුවන්ට අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබා දීමට රජය බැඳී සිටියි. ඉන්දීය අගමැතිවරයා ඇගේ පැනය ස්වදේශ කටයුතු අමත්‍යාංශයට යොමු කර ඇති අතර ඔවුන් එය ජාතික ලේඛනාගාරයට ඉදිරිපත් කර තිබේ. එහෙත් ජාතික ලේඛනාගාරයේ නිලධාරීන්ට ඊට පිළිතුරු දීමට නොහැකි වූ බව ඔවුන් අගමැති සිංට දැනුම් දී ඇත. ”මාගේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙන්න කිසිම කෙනකුට හැකියාවක් නැහැ. අපි ගාන්ධිතුමන්ට ගෞරව කරනවා. ඒත් එතුමන් ජාතියේ පියා ලෙස හැඳින්වෙන්නේ කවදා සිට ද කෙසේ ද යන ප‍්‍රශ්නවලට පිළිතුරු මගේ ගුරුවරුන්, මාපියන් විතරක් නොවේ ආණ්ඩුවවත් දන්නේ නැහැ” යැයි අයිස්වර්යා පවසයි.
1
ජපන් අගමැතිනියට වැසිකිළි ප‍්‍රශ්නයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd