පලා යාමට උත්සහ කළ අයි එස් සටන්කරුවන් 400ක් පමණ සිරියාවේදී අල්ලා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රජයේ හමුදාව විසින් සිරියාවේ බාගෝෂ් ගම්මානයේදී මොවුන් යටත් කරගෙන ඇත.
බාගෝෂ් ප්‍රදේශයේ සිටි 2000 කට අධික පිරිසක් ප්‍රදේශය අතහැර ට්‍රක් රථවලින් ගමන් කර ඇත.
ප්‍රශ්න කිරීම සහ සෝදිසි කිරීම අතරතුර යටත් කරගත් පිරිසට ජලය සහ ආහාර ලබා දී ඇති අතර අනෙකුත් සටන්කරුවන් ප්‍රමාණය නිශ්චිතව ගණනය කළ නොහැකි බව සිරියා බලධාරීහු පවසති.
මෙහිදී අවුරුද 4කට පෙර ජිහාඩ්වාදීන් විසින් අල්ලා ගන්නා ලද ළමුන් පිරිසක් නිදහස් කිරීමට සමත් වී ඇත.
යෂිඩි ජන වර්ගයට අයත් ළමයින් 11 දෙනෙක් සහ මුස්ලිම් ළමයින් 4 දෙනෙක් මෙසේ නිදහස් කර ඇති අතර ඔවුන් දෙමව්පියන් වෙත භාර කිරීමට උත්සහ කරන බව සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා බලධාරීහු පැවසූහ.
63226
(බී බී සී ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd