ගාසා තීරයේ සිදුවන මිනිස් ඝාතනයන්ගේ වගකීම ඊශ්‍රායෙලය මෙන්ම හමාස් සංවිධානයද භාරගත යුතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද මහකොමසාරිනී නවී පිල්ලේ මහත්මිය කියයි.
එසේවුවද ඊශ්‍රායෙලයට වැඩි බරක් දමන ඇය ඔවුන් සිතාමතාම අන්තර්ජාතික නීති උල්ලංඝණය කරමින් සිටින බවට චෝදනා නගයි.
ඊශ්‍රායෙලයේ මිසයිල ආරක්ෂණ පද්දතිය වන අයන් ඩෝමයට ආධාර සැපයීයැයි ඇය ඇමරිකාවටද චෝදනා කරයි.ඇමරිකාව ඊශ්‍රායෙලයට කරන්නාක් මෙන් පලස්තීනයටද ප්‍රහාර වලින් ආරක්ෂා වීමට ආධාර නොදෙන්නේ මන්දැයි ඇය විමසයි.
පිල්ලේ මහත්මියගේ චෝදනා වලට ප්‍රතිචාරයක් නිකුත් කිරීමට ඊශ්‍රායෙලය මෙතෙක් කටයුතු කර නැතත් පලස්තීන අගමැති මහමුද් අබ්බාස් තමන් හමාස් සංවිධානයේ නායකයින් හා එක්ව ගැටුමට දේශපාලන විසඳුමක් ගෙන ඒමට කටයුතු කරන බව පවසා ඇත.
ඊශ්‍රායෙලයට අන්තර්ජාතික තලයෙන් දැඩි පීඩනයක් එල්ල වෙමින් තිඛෙන අතර ඒ ඔවුන් එල්ල කරන ප්‍රහාර වලින් වැඩි වශයෙන් හානි වන්නේ සිවිල් වැසියන්ට වීම නිසාය.
නමුත් ඊශ්‍රායෙලය පවසන්නේ එසේ සිවිල් වැසියන් ගැවසෙන ස්ථාන වල හමාස් සංවිධානය බියගුලූ ලෙස රොකට් අවි අටවා ඇති හෙයින් ඒවායින් ආරක්ෂා වීමට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන්ට සිදුව ඇති බවයි.
සිවිල් වැසියන්ගේ මරණ තමන්ගේ වාසියට හරවා ගැනීමට හමාස් සංවිධානය කටයුතු කරමින් සිටින බවට ඊශ්‍රායෙලය චෝදනා නගයි.
මෙම චෝදනා වල පදනම කුමක් වුවද එසේවී යැයි සිවිල් වැසියන් සිය ගණනින් මරණයට පත්වීම සාධාරණීකරණය කිරීමට ඊශ්‍රායෙලයට හැකියාවක් නැතැයි මැදහත් විචාරකයින්ගේ මතයයි.
මේ වන විට හමාස් සටන්කාමින් ඇතුළු පලස්තීන සිවිල් වැසියන් 1300 කට අධික සංඛ්‍යාවක් හා හමුදා භටයින් ඇතුළු ඊශ්‍රායෙල ජාතිකයින් 59 ක් මරු මුවට පත්ව ඇත.
හමාස් සංවිධානය ගාසා තීරයේ ඉදිකර තිබෙන උමං ජාලය සම්පූර්ණයෙන්ම විනාශ කර දමන තෙක් සටන නොනවත්වන බව ඊශ්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගියදා ප්‍රකාශ කළේය.
මෙම උමං ජාලයේ පිහිටෙන් හමාස් සටන්කාමිීන්ට ඊශ්‍රායෙලය කරා රහසේ පැමිණ ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ඇතැයි කියවේ.
දැනට 86000 ක පමණ ඊශ්‍රායෙල භට පිරිසක් යුධ පෙරමුණට කැදවා තිබෙන අතර ඉදිරියේදී තවත් භටයින් කැදවීමට නියමිතව තිඛෙන බව සදහන්ය.
2025 ඔක්තෝබර් මස 08
1713
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පිල්ලේ යුදේව්වනට වැඩියෙන් බනී
පහන් Friday, 01 August 2014 12:44 PM
ක්‍රිස්තුපුර්ව හයසියගනන්වල දී බැබිලෝනියන්වරුන්ද ,ක් රිස්තුවර්ෂ 70 දී රෝමන්වරුන්ද යුදෙව්වන්ට ප්‍රහාර එල්ලකර ඔවුන් ජේරුසේලමෙන් පලවා හැරියා. රෝමන්වරු යුදෙව් පුදබිමේ වෙස්ටන් වෝල් එක ඇරෙන්න (වැලපෙන පවුර )නැගෙනහිර ,උතුරු ,දකුණු පවුරු විනාස කර දැමුවා. එ්ත් කවදාවත් කාටවත් බරුව ගියා යුදෙව්වන් සහමුලින්ම ඔවුන්ගේ බිමින් පන්නන්න. 1948 ඊශ්‍රායලය පිහිටුවද්දී එහෙ යුදෙව් ජනපද තිබුනා. (නදී)
නිමල ලතා Saturday, 02 August 2014 03:21 AM
පිල්ලේ නෝනා මේකට මහා පරිමාන කොමිසපත් කරන්නේ නැද්ද.ඇමෙරිකාව ,ඇතළු ඊළම වාදීන්ට කත් අදින අය මර නින්දේද.? (දී)