IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පිලිපීනයේ ගංවතුර - නායයෑම් වලින් 61 ක් මරුට

පිලිපීනයේ නැගෙනහිර පළාතට අධික වැස්සත් සමඟ ඇතිවු ගංවතුර හා නායයෑම් වලින් පුද්ගලයන් 61 දෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු අතුරුදන් වී ඇති බව එරට බලධාරීහු පවසති.

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් 22,000 කට වැඩි පිරිසක් අවතැන් වී තිබේ. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කර ඇති බව සිවිල් ආරක්ෂක බලධාරීන් සඳහන් කරයි.

මගීන් දහස් ගණනක් වරාය,ගුවන් තොටුපළ, බස් පර්යන්තවල නවාතැන් ගත් අතර  අන්තර් - දූපත් අතර ඇති සංචාරක චාරිකා ද අවලංගු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන්වූවන් සෙවීම සඳහා මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව එරට බලධාරීන් සඳහන් කරයි.

ශීත සෘතුවේ දී ඊසාන දිග මෝසමක් සමඟ අධික වැසි ඇතිවිය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(28535)



අදහස් (0)

පිලිපීනයේ ගංවතුර - නායයෑම් වලින් 61 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site