පිලිපීනයට ප්‍රබල සුළි කුණාටුවක් බලපවත්වා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
නොක්ටෙන් යනුවෙන් නම් කැර ඇති සුළි කුණාටුව පිලිපීනයට ආසන්න වන විට තවත් දැඩිවී ඇතැයි කියති. පිලිපීන වැසියෝ නිනා සුළි කුණාටුව ලෙසද එය හඳුන්වති.
පැයට කිලෝමීටර් 185ක වේගයෙන් පැමිණෙන සුළි කුණාටුව තවත් වේගවත් විය හැකි බව එරට කාලගුණ බලධාරීහු කියති.
දැඩි වර්ෂාපතනයත්, දැඩි සුළං හා නායයෑම් ආදියටද මුහුණ දීමට පිලිපීන ආපදා කළමනාකරණ නිලධාරීහු සූදානමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd