පැරිස් ධම්මචක්ක බෞද්ධ සංගමයේ සභාපති පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ට වසර 75 ක් පිරිම නිමිති කරගෙන ප්‍රංශයේදී පින්කම් මාලාවක් පවත්වනු ලැබිය.

පැරිස් බෞද්ධ විහාරයේ දායක කාරකාදීන්ගේ සන්විධායකත්වයේ මහා සංඝ රත්නය උදෙසා සංඝගත දක්ෂිනාවක් පිරිනමා ආනන්ද හිමියන්ට තිර ජීවනය නිරෝගී බව ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේගේ දෙමාපියන්හටත් උන්වහන්සේ පවිදි කළ ගුරු හිමියන් වහන්සේලාටත් පින් පැමිණිවිණි.

ධම්ම චක්ක දහම් පාසලේ මණ්ඩලයේ මෙයෙයවිම යටතේ දරු දැරියෝ සහ දෙමාපියෝ එක්ව බෝධි පුජාවක් පවත්වා උන්වහන්සේට දිගා සිරි පැතුහ.

පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්දරතන නාහිමියෝ ආශිර්වාද පුජාවක් පවත්වා ආනන්ද හිමියන්ට දිගාසිරි පැතුහ. එහිදී අනුශාසනාවක් පවත්වමින් ලොව පුරා උගතුන් ගේ නොමද ඇගයීමට පත්ව ඉන්නා ආනන්ද හිමියන් ලාංකික භික්ෂුන් වහන්සේලාට ගෞරවයක් ලබාදෙන බව සඳහන් කළහ.  පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියන් ආනන්ද හිමියන්ගේ ශාසනික සේවය පැහැදිලි කරමින් විශේෂ අනුසාශනාවක්  කළහ.

"රාජ්‍ය සේවයේ නියුතුව සිටි ඒ.පී.තාඹුගල මහතාගේ  හා කේ.ඒ.සිසිලියන් නෝනා මතාවගේ පුතුණුවන් ලෙස 1941 පෙබරවාරි 21 වැනි දා මෙලොව එළිය දුටු පින්වත් කුමරා රාජ රාජ මහාමාත්පාදින්ගේ ගෞරවයට පාත්‍රවන ජාත්‍යන්තර කීර්තියට පත්වන මහා පඬි රුවනක් බවට පත්වේයැයි එදා එම දෙමාපියන් හට නොසිතෙන්නට ඇතැයි  ඒ හිමියෝ කීහ.

1954 නොවැම්බර් මස කපුගොඩ ඥානානන්ද ලොකු හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත්වූ මහා පඬිරුවනක්වූ කිරිවත්තුඩුවේ ශ්‍රී පඤ්ඤාසාර නායක මාහිමිපානන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අල්ගම පුරාණ විහාරස්ථානයේදී කෝන්ගස්දෙනියේ ආනන්ද නමින් සසුනට ඇතුළුවූ උන්වහන්සේ පිරිවෙන් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළින් සිය දැනුම ඔපවත් කර ගත්හ. කලක් උන්වහන්සේ පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනෙහි අධිපතිත්වය දැරුහ. දශක කිහිපයක් ලංකාවේ සිසු දරු දැරියන් හට අගනා මෙහෙවරක් ඉටු කළ ආනන්ද හිමියෝ ප්‍රංශයට වැඩම කර පැරිස් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති තනතුර භාරගෙන කටයුතු කරමින් ඉමහත් මෙහෙවරක් ඉටු කරති. අද යුරෝපයේ වැඩවසන වයෝවෘද්ධ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ ආනන්ද හිමියෝය.

20160221_191522-(Copier) 20160221_191552-(Copier) 20160221_191556-(Copier) 20160221_191933-(Copier) 20160221_191936-(Copier) 20160221_192316-(Copier) 20160221_195442-(Copier) 20160221_201143-(Copier) 20160221_203254-(Copier) 20160221_203714-(Copier)