IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රංශ තානාපතිට පැරිස් සඟරුවන සෙත් පතයි

ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති ආචාර්ය තිලක් රණවිරාජා පසුගියදා පැරිස් නුවර පිහිටි සියලුම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන වෙත ගොස් ආශිර්වාද ලබාගත්තේය.

වසර 42 කටත් වඩා දිර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ උසස් තනතුරු බොහෝ ගණනක් දරා ඇති ඔහු හිටපු ජනාධිපති උපදේශකවරයෙක් අමාත්‍යංශ කිහිපයකම ලේකම්වරයකු ලෙසද කටයුතු කර  ඇත්තෙකි. ඒ මහතා කලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේද වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති වශයෙන්ද සේවය කර ඇත.

පැරිස් නුවර බෞද්ධ මධ්‍යස්ථානයේදී පරවාහැර චන්දරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් රණවිරාජා මහතාට සෙත් පැතුහ. මෙම අවස්ථාවට මාපලගම ජිනානන්ද, කැන්දවින්නේ රාහුල සහ කහත්තේවෙල සුගතසිරි යන හිමිවරු ද සහභාගී වුහ.

අසරණ සරණ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේට සමීප ඥාතීත්වයක් ඇති, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කරන රණවිරාජ වැන්නෙකු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා පත්වීම පිලිබඳ ඉතාමත් සතුටුවන බව අනුශාසනාවක් පවත්වමින් පරවාහැර චන්දරතන හිමියෝ පැවසුහ.

IMG_2427_(Copier)[1] IMG_2418_(Copier)_-_Copie[1] IMG_2409_(Copier)_-_Copie[1] IMG_2402_(Copier)_-_Copie[1] IMG_2398_(Copier)_-_Copie[1]



අදහස් (0)

ප්‍රංශ තානාපතිට පැරිස් සඟරුවන සෙත් පතයි

සමන් Monday, 31 August 2015 06:08 AM

බුදු රුවට පසුපස හරවා ජායාරුප ගැනීම නම් අනුමත කරන්න බැහැ.(ම)

:       0       0

නාරද Monday, 31 August 2015 06:33 AM

මේ මැතිවරණ සමයේ කළ පත්වීමක්ද?කෝ මේ මැකෝ (ම)

:       0       0

ප්‍රියංකා Sunday, 30 August 2015 12:50 PM

ප්‍රංශයේ පදිංචි මම නව තානාපතිවරයාගේ පත්වීම අගය කරමු. ශ්‍රී ලංකාවේ හා ප්‍රංශයේ මිතුදම වර්ධනය කර ගනිමු. (බ)

:       0       0

අමිල Monday, 31 August 2015 07:51 AM

ගිහියකු වුවද, හාමුදුරුනමක් වුවද බුදු රුවට පසුපස හරවා චායරුප ගැනීම නොකළ යුතු දෙයකි. එය බුදු රුවට කරන අවමානයකි. (බ)

:       0       0

ගුණවර්ධන ගමගෙදර Monday, 31 August 2015 10:03 AM

මෙයා කොහොමත් ටිකක් උද්ධච්ච මිනිහෙක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site