ප‍්‍රංශ රජය විසින් පිරිනමනු ලබන ඉහළම ගෞරව සම්මානය වන ‘ලීජන් ඔෆ් ඔනර්’ සම්මානය මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කීට පිරිනමන බව ප‍්‍රංශ ජනාධිපති නිකලස් සාර්කොසි පෙරේදා (14) ප‍්‍රකාශ කළේය. ජනාධිපති සාර්කොසි, සූ කීට දුරකතනයෙන් ඇමතුමක් දෙමින් ඒ බව පැවසූ අවස්ථාවේ ඇය නිහතමානීව එම සම්මානය පිළිගන්නා බව පවසා ඇත. සූ කීට එම සම්මානය පිරිනැමෙන්නේ මියන්මාර දේශපාලන කරළියට පිවිසි ඇයගේ ධෛර්යය ඇගැයීමට යැයි ද ජනාධිපති සාර්කෝසි වැඩිදුරටත් කියාසිටී. සූ කීට ‘ලීජන් ඔෆ් ඔනර්’ සම්මානය පිරිනැමීමට ප‍්‍රංශ විදේශ ඇමැති ඇලන් ජුප් අද (16) හෝ හෙට (17) මියන්මාරය බලා පිටත්ව යෑමට සූදානම් බව ද ජනාධිපති සාර්කෝසි වැඩි දුරටත් කියා සිටියේය.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd