ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් අයිඑස් ත්‍රස්තවාදීන් පරාජය කරන තුරු සිය රටේ හදිසි නිතිය පවත්වාගෙන යාමට සිදුවනු ඇතැයි ප්‍රංශ අගමැති මනුවෙන් චාර්ල්ස් පවසයි.
පසුගිය නොවැම්බර් මස 13 වැනි දින ප්‍රංශයට හදිසි නීතිය පනවන ලද්දේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුවය. යුරෝපයේ සංක්‍රමණික ගැටළුව හේතුවෙන් ත්‍රස්ත අවදානම ඉහළ ගොස් ඇති බවත් හදිසි නීතිය පැනවීමෙන් පොලිසියට සැකකරුවන් සොයා ගැනීමේ වැඩිබලතල හිමිවීම අයිඑස් ත්‍රස්ත ක්‍රියා නැවැත්වීමට මහෝපකාරී වන බවත් අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදී පහරදීම් වලින් පසුව ප්‍රංශය සිය රටේ ආරක්ෂාව ඉහලම තත්ත්වයකට ගෙන ඒමට පියවර ගත්තා. ෆ්රන්ස්ව හොලන්ඩ් ජනපතිගේ රජයේ අගමැති මැනුවෙල් වල්ස් ඉදිරිපත් කල හදිසි නීතිය පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තාට පසුව සැම රජයේ ගොඩනැගිලි, දුම්රිය පොළවල්, ගුවන් තොටුපොළවල් අවි ගත් සෙබළුන් හා පොලිසිය විසින් පැය 24 පුරාම ආරක්ෂා කරනවා.තවම අලුත් ත්‍රස්තවාදී පහරදීම් වලට මේ රට භාජන වුනේ නැහැ. ආරක්ෂා සංවිධාන එතරම්ම ශක්තිමත් වී තිබීම එයට හේතුවයි..(අ)
අපේ රටේ ආරක්ෂාව පතා හදිසි නීතිය දැම්මා නම් කතන්දර ගොඩයි. (නි)
ප්‍රංසය, අපේ හිටපු ජනාදිපති තුමාගෙන් සහ ආරක්ෂක ලේකම් තුමාගෙන් උපදේශ ගන්නවානම් මේ ත්‍රස්තවාදය ප්‍රංසයයෙන් ඉවත් කල හැකිය(ර)
එතකොට මානව හිමිකම් ප්‍රශ්න, යුධ අපරාධ ගැටළු මතුවෙන එකක් නැද්ද? (ර)