ප්‍රංශයේ පැරිස් නුවර මැයිදින පෙලපාලිවල කලහකාරීව හැසිරුණු පිරිස් වෙත ප්‍රංශ පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
සෑම වර්ෂයකම දහස් ගනන් පිරිස් මැයිදින පෙලපාලි සඳහා පැරිස් නුවරට රැස්වන අතර මෙවර පෙලපාලිය ආරම්භ වීමට පෙර කලහකාරී තත්ත්වයක් වාර්තා වූ බව බලධාරීහු පවසති.
විරෝධතාකරුවන් පොලිසිය වෙත ගල් ප්‍රහාර එල්ල කළ බවද සඳහන් වේ.
මුහුනු ආවරන, හිස් ආවරන සහ කහකබා පැළඳ සිටි පිරිස් පෙලපාලියේ දක්නට ලැබුනු බව මාධ්‍ය වාර්තා කර ඇත.
කලහකාරීව හැසිරුණු 200ක පමණ පිරිසක් ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය බව පොලිසිය පවසයි.
(සීඑන්එන් පුවත් ඇසුරිනි - 085)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ප්‍රංශයේ මැයි රැළි වලට කඳුළු ගෑස් ප්‍රහාර
ධනුෂ්ක Thursday, 02 May 2019 02:50 PM
ප්‍රංශය යනු ඉතා දියුණු රටකි. රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම තියන රටකි. සමස්තයක් ලෙස දේශපාලකයන් මහත්මා දේශපාලනයේ නියලෙන්නන්ය. නමුත් එරට ඇතැම් පුරවැසියන් ඇතැම් දෑ පිලිබඳ තම නොරිස්සීම දක්වන්නේ ඉතා ප්‍රචණ්ඩවය. අපේ පාලකයන්ගේ වාසනාවට එවන් මිනිසුන් ලංකාවේ නෑ. හිටියා එහෙමනම් මේ රටේ දේශපාලකයෝ නටන නාඩගං වල හැටියට මොනවයින් මොනා වෙයිද දන්නේ නෑ