ප්‍රංශයේ ගිනිකොණදිග ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් බොහෝ අලාභ හානි සිදුව ඇතැයි ප්‍රාදේශීය බලධාරීහු පවසති.

ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර නිවාස, වාහන සහ මාර්ග ජලයෙන් යටවී ඇත.

77 හැවිරිදි පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි පැවසේ.

මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කරයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)