IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පුරවැසිභාවය අහිමිවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙන්නේ නෑ

ජාතික පුරවැසි ලේඛනයට නම ඇතුළත් නොවීම මගින් ඇසෑම් ප්‍රාන්තයේ පදිංචි කිසිදු පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය නොවන ඉන්දියාව ප්‍රකාශ කරයි.

ඉන්දීය රජය වෙනුවෙන් කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ මෙසේද දැක්වේ. 

"ඇසෑම් ප්‍රාන්ත‍යේ ජාතික පුරවැසි ලේඛනය(NRC)ඉන්දියාව විසින් 2019 අගෝස්තු 31 වන දින ප්‍රකාශයට පත් කළේය. එතැන් සිට, අවසාන NRC ලේඛනය සම්බන්ධයෙන් විවිධ වැරදි මත විදෙස් මාධ්‍ය විසින් පළ කර තිබිණ.

ඇසෑමයේ NRC මගින් අදහස් කෙරෙන්නේ, වර්ෂ 1985 දී ඉන්දියානු රජය, ඇසෑම් ප්‍රාන්ත රජය, සමස්ත ඇසෑම් ශිෂ්‍ය සංගමය (All Assam Students Union - AASU) සහ සමස්ත ඇසෑම් ගන්සංග්‍රම් පරිෂද් (All Assam GanSangamParishad - AAGSP) විසින් අත්සන් තබන ලද ඇසෑම් සම්මුතිය බලාත්මක කිරීමයි. 2013 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් ඉන්දියානු රජයට අධිකරණ නියෝගයක් නිකුත් කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2015දී ඇසෑමයේ NRC ලේඛනය යාවත්කාලීන කිරීම සිදු විය.

NRC ලේඛනය සකස් කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයන් මත පදනම් වූ සාධාරණ ක්‍රියාදාමයකි. NRC ලේඛනයට ඇතුළත් කිරීම “නිවසින් නිවස ගණනය කිරීම” ට වඩා “අයැදුම” මත පදනම් වූ සුවිශේෂි ක්‍රියාදාමයකි. එයින් අදහස් වන්නේ යම් අයෙකු සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් (එනම් 1971 මාර්තු 24 වන විට ඇසෑමයේ පදිංචිව සිටි පුද්ගලයෙකු) පැවත එන බවට සනාථ කළ හැකි ලේඛන ඉදිරිපත් කරමින් NRC ලේඛනයට ඇතුළත් වීම සඳහාඅයැදුම් කළ යුතුය.

මෙය කිසිදු අසාධාරණයකින් හෝ පක්ෂපාතීත්වයකින් තොරව සිදු කරන ක්‍රියාදාමයකි.NRCසඳහාඅයදුම්පත්‍රයේ අයදුම්කරුගේ ආගම විමසන තීරුවක් ඇතුළත් කර නොමැත.

NRC ලේඛනයට ඇතුළත් නොවීම ඇසෑමයේ පදිංචි යම් පුද්ගලයකුගේ අයිතීන් මත කිසිදු බලපෑමක් ඇති නොකරයි. අවසාන NRC ලේඛනයේ ඇතුළත් නොවන පුද්ගලයන් රැඳවුම්භාරයේ තබා නොගන්නා අතර නීතිය යටතේ පවතින සියලු ප්‍රතිකර්මයන් අවසන් වන තෙක් ඔවුන්ට පෙර සේම සියලු අයිතීන් භුක්ති විඳිය හැකි වේ. NRC ලේඛනයට ඇතුළත් නොවන පුද්ගලයන් නෛතික අදහසට අනුව “රටක් අහිමි පුද්ගලයන්” හෝ “විදේශිකයන්” බවට පත් නොවේ. 

මෙම අවස්ථාවේදී NRC ලේඛනයට ඇතුළත් නොවූ ඕනෑම අයෙකුට තමන් ඇතුළත් නොවන බව දන්වා ලිපියක් ලැබී දින 120ක් ඇතුළත ඒ සඳහා අභියාචනයක් නම් කරන ලද විනිශ්චය සභාවකට ඉදිරිපත් කිරීමේ අයිතිය ඇත. සියලු අභියාචනා සහ ඇතුළත් නොවූ අයවලුන් අධිකරණ ක්‍රියාදාමයක් ඔස්සේ සලකා බැලෙනු ඇත.

මෙම අධිකරණ ක්‍රියාදාමය අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලසීමාවෙන් පසුව ඇරඹෙනු ඇත. ඉන් අනතුරුවද, NRC ලේඛනයට ඇතුළත් කර නොගත්තේ යැයි යම් ගැටළුවක් ඇති අයෙකුට ඇසෑමයේ මහාධිකරණය හෝ ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හරහාද සාධාරණත්වයක් ලබා ගැනීමේ අයිතිය පවතී.

ඉන්දියානු රජය එවැනි අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශනයද ලබා දේ. ඉන්දියානු රජය දිස්ත්‍රික් නෛතික සේවා අධිකාරීන් හරහා අවශ්‍ය අයවලුන්ට නෛතික උපකාර ලබා ගැනීමේ අවස්ථාව හිමි කර දී ඇත. 

NRC ලේඛනයට ඇතුළත් නොවන, නෛතික උපකාර ලබා ගැනීමට මූල්‍යමය හැකියාවක් නොමැති ඕනෑම අයෙකුට ඇසෑම් ප්‍රාන්තය නොමිලේ නීති උපකාර ලබාදෙන බවට සහතික වී ඇත. විශේෂයෙන්ම වර ප්‍රසාද නොලත් ජනතාව සඳහා ලබා දිය හැකි ඉහළම නෛතික සහයෝගය ලබා දීම මෙහි අරමුණ වේ.

ඇතුළත් වීම සඳහාඅයදුම්පත් භාර ගැනීමේ ක්‍රියාදාමය වේගවත් කිරීම සඳහා ප්‍රාන්ත රජය දැනට පවතින විනිශ්චය සභා ගණන 100 සිට 200 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත. 2019 දෙසැම්බර් වන විට ඇසෑම් ප්‍රාන්තය තවත් විනිශ්චය සභා 200ක් පිහිටුවනු ඇත. අභියාචනාකරුවන්ගේ පහසුව උදෙසා මෙම විනිශ්චය සභාපහසුවෙන් ළගා විය හැකි ස්ථානයන්හි පිහිටුවනු ඇත.

NRC ලේඛනය යාවත්කාලීන කිරීම ඉන්දියාවේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලද ව්‍යවස්ථාපිත, පාරදෘශ්‍ය සහ නෛතික ක්‍රියාදාමයකි.ලොව විශාලතම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය වන ඉන්දියාව සිය ව්‍යවස්ථාව මගින්, “සියලු දෙනාටම සමාන අයිතිවාසිකම්” සහ “නීතියට ගරු කිරීම” ශක්තිමත් ලෙස සහතික කර ඇත.මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියා කරන ස්වාධීන අධිකරණයක් සහ පූර්ණ වශයෙන් ස්වායත්ත රාජ්‍ය ආයතන  අපගේ දේශලාපන සන්දර්භය සහ සම්ප්‍රදාය තුළ අනිවාර්ය අංගයන් වේ. NRC ලේඛනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමය තුළ ගනු ලබන සෑම තීරණයක්ම ඉන්දියාවේ නීතිය සහ ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදාය යටතේ ගනු ඇත. "

055

 



අදහස් (0)

පුරවැසිභාවය අහිමිවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site