උතුරු ජපානයට පෙරේදා (3) ඇදහැලූණු අධික වර්ෂාවත් සමඟ හමා ගිය ප‍්‍රබල සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේය. ජපානයේ ප‍්‍රධාන දූපත් වන හොන්ෂු සහ හොකයිඩෝ දූපත් සුළි කුණාටුවේ බලපෑමට ලක්ව ඇති බවත් සුළි කුණාටුව හට ගෙන ඇත්තේ වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් හේතුවෙන් බවත් කාලගුණවිද්‍යා අංශ පෙන්වා දෙයි. හොන්ෂු දූපතට වයඹ දිගින් පිහිටි නිගාටා ප‍්‍රදේශය හරහා පැයට කිලෝමීටර් 156.6ක වේගයෙන් සුළං හමා ගිය බව වාර්තා වේ. සුළි කුණාටුව හේතුවෙන් ඔනගාවා න්‍යෂ්ටික බලාගාරයේ විදුලිය විසන්ධිවී ඇති අතර එහි සිසිලන පද්ධතියේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව ඇනහිට ඇත. අනතුරුව බලාගාරයේ සේවකයන් විසින් විදුලිජනක යන්ත‍්‍ර යොදා ගෙන සිසිලන පද්ධතිය පණගන්වා ඇති බවත් එමඟින් න්‍යෂ්ටික බලාගාරයේ කටයුතුවලට කිසිදු බලපෑමක් සිදු නොවුණ බව බලාගාරයේ නිලධාරියෙක් පැවසීය. සුළි කුණාටුවට හසුවු ට‍්‍රක් රථ දෙකක්