IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පරීක්ෂණ සිදුකළ එෆ්.බී.අයි. පරීක්ෂකයෝ දෙදෙනා මරුට

ඇමෙරිකාවේ බොස්ටන් නුවර මහා මැරතන් ධාවන තරගය ඉලක්ක කර ගනිමින් ඉකුත් අපේ‍්‍රල් 15 වැනිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එෆ්.බී.අයි පරීක්ෂකවරුන් දෙදෙනකු හෙලිකොප්ටරයකින් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ බව ඇමෙරිකන් පුවත් සේවා පවසයි.
මියගොස් ඇත්තේ 41 හැවිරිදි කි‍්‍රස්ටෝපර් ලොරෙක් සහ 40 හැවිරිදි ස්ටීවන් ෂෝ නමැති පරීක්ෂකයන් දෙදෙනාය. මොවුන් දෙදෙනා මියගියේ පුහුණු සැසියකට සහභාගී වෙමින් සිටිද්දීය.
ඉතා පළපුරුදු පරීක්ෂකයන් දෙදෙනකු වන මොවුන් දෙදෙනා  හෙලිකොප්ටරයෙන් ඇද වැටුණේ කෙසේදැයි යන්න ගැන පරීක්ෂණ පැවැත්වෙන බව ඇමෙරිකානු ෆෙඩරල් පරීක්ෂණ ආයතනය හෙවත් එෆ්.බී.අයි. කාර්යංශය වැඩි දුරටත් කියා සිටී.
බෝස්ටන් මැරතත් තරගය ඉලක්ක කර ගනිමින් එම බෝම්බ ප‍්‍රහාරය සිදුකළේ ඇමෙරිකාවේ පදිංචි චෙච්නියා ජාතික සොහොයුරන් දෙදෙනකු වන 26 හැවිරිදි ටැමරන්ලන් සර්නෝව් සහ 19 හැවිරිදි සොහාර් සර්නෝව්ය.
පොලිසිය සහ එෆ්.බී.අයි. පරීක්ෂකයන් සිදුකළ ලූහුබැඳීමකදී, 26 හැවිරිදි ටැමරන්ලන් සර්නෝව් පොලිස් වෙඩි පහරින් මියගිය අතර ඔහුගේ බාල සොයුරු 19 හැවිරිදි සොහාර් සර්නෝව් මේ වනවිට රෝහල් ගත කර සිටී. මේ වනවිට සොහාර් සර්නෝව් සම්බන්ධයෙන් නඩු විභාගයක් ද පැවැත්වෙයි.
බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සහ ඊට සම්බන්ධ සැකකරුවන් සොයා සිදු කළ ත‍්‍රාසජනක මෙහෙයුම ඇමෙරිකාවේ හිටපු ජනපති ජෝර්ජ් බුෂ්ගේත් වත්මන් ජනපති බැරැුක් ඔබාමාගේත් යුද අපරාධ වසං කිරීමට ගත් ඉතා අපූරු ‘රංගනයක්’ යැයි ඇතැම්හු පවසති.
ඇමෙරිකා ජනපති ජෝර්ජ් බුෂ් අණ පරිදි ඉරාක යුද්ධයේදී සිදු කළ යුද අපරාධ මෙන්ම වත්මන් ජනපති ඔබාමා ඇෆ්ගනිස්තානයේ සිදු කරන යුද අපරාධ රටේ ජනතාවගෙන් වසං කිරීමට, බොස්ටන් බෝම්බ ප‍්‍රහාරය යොදා ගෙන ඇමෙරිකානු රජය සහ ආරක්ෂක අංශ ඇමෙරිකානු ජනතාව තුළ ත‍්‍රස්ත බියක් යළි නිර්මාණය කළේ යැයි ද ඇතැම් විශ්ලේෂකයෝ චෝදනා කරති.
මේ අතර ඩැජෙස්ටාන්හි ජීවත් වන සර්නෝව් සොහොයුරන්ගේ පියා අන්සෝර් සර්නෝව් සහ මව සුබිදා සර්නෝව් රුසියානු මාධ්‍ය හරහා පවසා ඇත්තේ තම පුතුන් දෙදෙනා ‘ත‍්‍රස්තවාදීන්’ නොවන බවත් බොස්ටන් ප‍්‍රහාරයට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත්ය.
එපමණක් නොව ඇමෙරිකාවේ ජීවත් වන තම පුතුන් දෙදෙනා නිරන්තරයෙන් ඇමෙරිකන් ආරක්ෂක අංශවල අඩන්තේට්ටම්වලට ලක් වුණු බවත්, බොස්ටන් ප‍්‍රහාරයට ඔවුන් ආරක්ෂක අංශ විසින් පටලවා ඇති බවත් අන්සෝර් සහ සුබිදා චෝදනා කර ඇත.
සර්නෝව් වයස අවුරුදු අටේ සිට ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා සිටි අයකු බවත් ඔහු වෛද්‍ය ශිෂ්‍යයකු බවත් අනාවරණය වී ඇත. වයස අවුරුදු 8 දී සොහාර් ඇමෙරිකාවේ බොස්ටන් නුවර පදිංචියට පැමිණ අධ්‍යාපනය ලැබුවත්, ටැමරන්ලන් ඇමෙරිකාවට පැමිණ ඇත්තේ වයස අවුරුදු 21 දීය. ඔහු ඇමෙරිකාවට පැමිණ ඇත්තේ ගී‍්‍රන්කාඞ් ක‍්‍රමය හරහාය.
ඇමෙරිකාවේ පදිංචියට පැමිණි ටැමරන්ලන්, කැතරින් රසල් නමැති 24 හැවිරිදි තරුණිය සමඟ ආදර සම්බන්ධයක් මත විවාහ වී ඇත. කැතරින් මධ්‍යම පන්තික පවුලක තරුණියකි. මොවුන් දෙදෙනා දැන හඳුනාගෙන ඇත්තේ අධ්‍යාපනය හදාරද්දීය. දැන් මොවුන්ට සහාරා නමැති අවුරුදු 3 ක් වයසැති දියණියක ද සිටී. ටැමරන්ලන් සහ කැතරින් අතර ඇති වූ විවාහ සම්බන්ධතාව නිසා කැතරින් සහ ඇගේ පවුලේ අයට ද ඉස්ලාම් දහම වැළැඳ ගැනීමට සිදු වී ඇති බව ද වාර්තා විය.



අදහස් (0)

පරීක්ෂණ සිදුකළ එෆ්.බී.අයි. පරීක්ෂකයෝ දෙදෙනා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 433 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site