මගීන් පනස් දෙනකු රැගෙන පියාසර කරමින් තිබූ ඇමෙරිකාවේ ඊගල් ගුවන් සේවයට අයත් ජෙට් යානයක සිදුවූ හදිසි ඉන්දන කාන්දුවක් හේතුවෙන් එය ස්ප්‍රින්ෆීල්ඩ් ගුවන් තොටුපොළට ගොඩබස්වන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි නියමුවන් පවසා ඇත්තේ යානය පියාසර කරමින් සිටිය දී දකුණු පියාපතේ ඉන්ධන කාන්දුවක් සිදුවන බව දැනගන්නට ලැබුණු බවයි. ඒ අනුව මේ ගොඩබෑම කැර ඇත.
යානයේ හදිසි ගොඩබෑම සිදුවෙද්දී ස්ප්‍රින්ෆීල්ඩ් ගුවන් තොටුපොළේ ගිනි නිවන අංශ ඇතුළු හදිසි ආපදා ඒකක සියල්ල සූදානම් කැර තිබිණි. යානය නිරුපද්‍රිතව ගොඩබෑ අතර කිසිවෙකුටත් හානි සිදුවූයේ නැත.

COMMENTS
මඟීන්ට දෙවියන්ගේම පිහිටයි! (නි)
කිසිවෙකුටවත් හානියක් නොවීම ගැන සතුටුයි (නි)
එ්කත් ජයසිරි මංගලම් කිව්වලු (නදී)
මේ ගුවන් යානා වලට අපල කාලයක් (අ)
ඇමරිකාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.... (නි)