උතුරු හා දකුණු කොරියා දෙරට වෙන්කරන හන් ගංගාව ඔස්සේ උතුරු කොරියාවට පිහිනා යෑමට උත්සාහ කළ ඇමරිකා ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට දකුණු කොරියා ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
උතුරු කොරියාවට ගොස් එහි නායක කිම් ජොන්ග් - උන් හමුවීම තම අරමුණ වූ බව ඔහු කියා ඇත.
උතුරු කොරියාවට අනවරසරයෙන් ඇතුළුවීම නිසා සිරගත කර ඇති ඇමරිකා ජාතිකයින් තිදෙනෙක්ම මේ වන විටත් එරට සිටී.
ඉන් එක් අයෙක් මාධ්‍යවේදියෙකු වන අතර ඔහු තම ගමන් බලපත්‍රය ඉරා දමමින් තමන්ට උතුරු කොරියාවේ වාසය කිරීමට අවැසි යැයි පවසා තිඛෙන බව සඳහන්ය.
අනෙක් දෙදෙනා උතුරු කොරියාවේ රජය පෙරළාදැමීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනාවට සිරගත කර තිබේ.
උතුරු කොරියාව උත්සාහ කරන්නේ මේ සිරකරුවන් තිදෙනා ඇමට යොදාගෙන ඇමරිකාව තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සදහා භාවිතා කිරීමටයි.
කෙසේ වෙතත් බටහිර මාධ්‍ය වාර්තා කරන්නේ උතුරු කොරියාවට ගොස් එහි වාසය කිරීමේ උමතුවක් ඇතැම් ඇමරිකා ජාතිකයින් වෙත ඇතිවී තිඛෙන බවයි.එයට හේතු මොනවාදැයි තවමත් නිසි පරිදි අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇතැයි එම මාධ්‍ය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට තමයි කියන්නේ ප්‍රත්‍යාවර්ථනය කියලා. නිදහසේ සාමකාමීව ඉන්නකොට හිතනවා මේක නෙමෙයි ජීවිතය කියලා. නිදහසක් නැතුව මානසික වහලුන් වෙලා ඉන්නකොට හිතනවා මීට වඩා නිදහසක් ජීවිතයට අවශ්‍ය බව. අන්තිමේදී බැලුවම දෙගොල්ලොම මාරුවෙන් මාරුවට කරගෙන තියෙන්නේ එකම දේයි. මාක්ස්වාදී චින්තනයේ ඒ ගැන හොඳට තේරුම්කර තිබෙනවා. (නි)