පෘතුගාලයේ කොස්ටා ඩි කැප්රිකා වෙරළ තීරයට කුඩා ගුවන් යානයක් හදිසියේ ගොඩබැස්වීමට යාමේදී වෙරලේ සිටි දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු අටක් වයසැති දැරියක් සහ අවුරුදු 56ක් වයසැති පුද්ගලයෙකි. මොවුන් දෙදෙනාම පෘතුගාල ජතිකයින් වන අතර ඥාතීන් නොවන බව පොලිසිය පවසයි.
මෙම ගුවන් යානය පුහුණුවීම් සඳහා යොදා ගන්නා යානයක් බවත් හදිසි ගොඩබෑමක් සිදුකිරීමට හේතුව පැහැදිලි නැති බවත් පොලිසිය තවදුරටත් කියා සිටී.
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd