තම රැකියාවෙන් ලැඛෙන චේතනය පමණටත් වඩා වැඩි නිසා රැකියාවට ආයුබෝවන් කියා ඇති පුද්ගලයෙකි ඉන්දිය ජාතික සන්දීප් ජියා.
බොහෝ දෙනා තම තමන්ගේ රැකියාවන්ගෙන් ලැඛෙන චේතනය ගැන මැසිවිලි නගමින් සිටින යුගයක සන්දීප් ගේ මෙම ක්‍රියාව සැබැවින්ම මවිතය දනවන්නකි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නියැළී සිටි සන්දීපගේ මාසික වේතනය පවුම් 450 කි.එය බ්‍රිතාන්‍යයේ වියදම් හැටියට එතරම් ගණනක් නොවේ.
නමුත් සන්දීප් පවසන ආකාරයට මෙවන් මුදලක් මාස් පතා අතපත ගෑමට සිදුවීම ඔහුගේ මනසට මහත් වදයකි.
‘මම ඉන්දියාවේ බැංගලෝරයේ සිට පැමිණියෙක්.මම මෙහෙ සුවෙන් ඉන්නකොට මුදල් උපයනකොට එහෙ වේලක්වත් කන්න නැතිව දුක් විදින මිනිසුන් මට මැවිල පේනවා.මේක මගේ මනසට හරිම වදයක්.ඒකයි මම තීරණය කළේ රැකියාව අතහරින්න‘.ඔහු කියයි.
සන්දීප් තමන්ගේ වේතනය අඩු කරන්නයැයි සේවය කළ ආයතනයේ බළධාරීන්ගෙන්ද ඉල්ලා ඇති අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇති නිසා මෙසේ රැකියාවෙන් ඉවත්ව තිබේ.
මේ දිනවල තම මනසට ‘ගැලපෙන‘ රැකියාවක් සොයමින් සිටින බව සන්දීප් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන්කාරයෙක් නේද? ගණන් ගන්න එපා (නි)
මෙය සතියක් ජීවත් වෙන්නත් අඩු මුදලක්. මාසයක ගෙවල් කුලියත් මෙයට වැඩිය වැඩියි. (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
පවුම් 450 ක් වැඩියි කියන්නේ මේක මුඩුක්කුවක ඉඳගෙන නොමිලේ ද දන්නේ නෑ අයි.ටී ඉගෙන ගත්තේ .මෝඩයෙක් .. ඔච්චර දුප්පත් මිනිස්සු ගැන හිතන එකෙක් නම් කරන්නේ තිබුනේ වැඩි මුදල් ටික අසරණයන්ට බෙදන එකනේ .. මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ වැඩි පඩි ඉල්ලන්න ගිහින් පාලකයෝ ගහල එලවලා වගේ .(නදී)
ඔය මිනිහ බොරු කියන්නේ .. මට නම් හිතෙන්නේ වැඩි පඩි ඉල්ලලා රස්සාවෙන් එලවලා වගේ (නදී)..
එක්කෝ මානසික පිස්සෙක්.නැත්නම් ප්‍රසිද්දියක් ලබන බලාපොරොත්තුවෙන් කල අමන වැඩක්.කරන්න කොච්චර වැඩ තියෙනවද තමන්ට ලැබෙන මුදල් වැඩිනම්.? හරකෙක් කිව්වොත් හරක්ට තියෙන නම්බුවත් අහිමි වෙනවා. (නදී)
දැන් මේක ලංකාවේ මිනිස්සුත් පටන් ගනීද දන්නේ නෑ. ලංකාවෙත් රජ්යේ සේවකයිනේ පඩි අඩු කරන්ඩ ඔනෑ. මැති ඇමති වරුන්ගේ පඩි වැඩි කරන්ඩ ඕනේ.(නදී)
අනේ මේවා ප්‍රචාරය කරන්න එපා. අපේ මැති ඇමතිලා ටික මේක දැකල හිත වෙනස්කර ගත්තොත් අනේ අපේ රටට යන කල මොකක්ද. මොකද මේ මෝඩ අපි ගිහින් රට කරවන්නයි. අයියෝ මට බයයි (නදී)
කොහෙවත් යන මිනිහෙක්ගේ සිතිවිල්ලක් වෙනුවෙන් ඔහෙලා කේන්ති අරගෙන නිකම් ලේ නරක කරගන්න එපා ළමයිනේ. (අ)
මෝඩ ඉන්දියානුවා.....තමන්ගේ රටේ දුක් විදින අයව මතක් වෙනවනම් කරන්න ඕන රැකියාවෙන් අස්වෙන එක නෙමෙයි.....තව තවත් මුදල් හොයල ඒ වගේ දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න යම්කිසි මාර්ගයක් හදන එකනේ.....මේ මානව හිතවාදියෙක් නෙමෙයි.....මොලේ අමරුකාරයෙක් (අ)
විශ්වාස කරන්නත් අමාරුයි. පවුම් 450 කින් ගෙවල් කුලී ගෙවුවාම ඉතුරු වෙන්නේ නැහැනේ. පාරේ නිදියන කෙනෙක් වෙන්න ඇති. කොහොම වුණත් මේ වගේ අය සයිබීරියාවට වගේ රටකට යවන්න ඕනෑ. (නි)
අපේ කට්ටිය කියල තියෙනවා වගේ පඩි වැඩි නම් කියක් දේවල් කරන්ඩ තිබ්බද ....අනේ මන්ද මාර ඒවා තම දැන් වෙන්නේ... (ස)
අයියෝ! ඕක මොකක්ද ඔයිට වැඩිය කට්ටිය අපේ රටේ බඩු මිල වැඩි කරන්න විදුලි බිල වැඩි කරන්න අපේ සල්ලි වලින් සැණකෙළි පවත්වන්න කියලා ආණ්ඩු පත් කරන්නේ. (නි)
ලංකාවටම ගැලපෙනවා.ලංකාවේ රාජ්‍ය සේවයට වහාම බදවා ගන්න(දිල්)
අනේ අපොයි මට නම් කියන්න ශතියක් නෑ ඩිපුර සල්ලි ලැබුනම වැඩියෙන් වියදම් කරාම හරිනේ සිම්පල් වැඩ(දිල්)
මේකත් හරියට අපේ රටේ විදුලි බිල වැඩිකරන්න කියලා දේශප්‍රේමී පාරිභෝගිකයෝ කොටසක් පිටකොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණය කරනවා වගේ වැඩක්... (නි)
වැඩිපුර ලැබුණු සල්ලි ඉන්දියාවේ දුප්පත් නෑදෑයින්ට අරින්නේ නැතුව රස්සාවෙන් අයින් වෙන මේ වගේ අය තව තවත් මෙලොව ඉපෙදේවා කියා ආයතන හිමියෝ ප්‍රාර්ථනා කරාවි. (නි)
ඕක සැලරිමේනියා කියන රෝගය. මේකට බෙහෙත් නැහැ.මේක ලංකාවේ දේශපාලකයන්ට එන්න පෙර වහාම මැඩපැවැත්වීමට රජය ක්‍රියා කළයුතුයි.නැත්නම් ඔය භයානක රෝගය පැතිරුනොත්,දේශපාලකයෝ තමන් ගහපු යටිමඩි පාරට දාලා තනතුරු වලින් ඉවත්වෙයි.එතකොට දෑත් ශක්තිමත් කරගන්න නොහැකිව රජය අස්ථාවර වෙන්න පුළුවන්.අනික මට කොහොමත් එහෙම කරන්න බැහැ.මොකද ඉන්දියාව වගේ දුප්පත් රටකට ඔය පඩිය කොහොමත් වැඩියි.ලංකාවේ අපට තිබෙන ආර්ථිකය කබ්රාල් මහතා ළගදී තේරුම් කරලා දුන්නා.එනිසා ලංකාවේ දුප්පත් පවුල් නැතිනිසා මම නම් අස්වෙන්නෙම නැහැ. (නි)
පඩි මදිවෙලා ජීවත්වෙන්න බැරුව පාන් කියාගන්නත් බැරුව ඉන්න අපට නිකන් පිස්සුවගේ අනේ (නදී)
මේ නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් ඉතියෝපියාවේ ඉදල කන්න නැතුව ආපු කෙනෙක්. ඉන්දියන් රුපියල් 45000ක් අරන් එංගලන්තේ මොනවා කරන්නද? (නදී)
සමහර රටවල් වල සේවකයන් තම හාම්පුතුන්ගෙන් යම්කිසි හේතුවක් නිසා ඉල්ලා සිටිනවා තමන්ගේ වේතනය අඩුකරන්න කියා. නමුත් හාම්පුතුන් කිසි විටක වේතනය තිබු මට්ටමට වඩා පහලට දමන්නේ නැහැ.එයට හේතුව සමහරවිට නීති ප්‍රස්න වලට මුහණ දීමට ඔවුන්ට අනාගතයේදී සිදු විය හැකි නිසා. (අ)
ලැබෙන පඩිය වැඩි නම් තමන්ට අවශ්‍ය ප්‍රමාණය ළග තබාගෙන ඉතුරු මුදල අාබාධිත සහෝදරන්ට බෙදා දෙන්න. (නි)
මෙහෙම පිස්සෝ ඉන්නේ ඉන්දියාවේම තමා (නි)
මෙයා ඉන්නෙත් එන්ගලන්තයේ නම් ඔතන බින්දු අඩුවෙලා ඇති. කොහොම වුණත් මෝඩයි. මොකද දුක විදින මිනිසුන් ගැන හිතලා වැටුප අඩු කරන්න කිව්වා නම් ඒක මෝඩ වැඩක්.කරන්න තිබුනේ තමන්ට වැඩි මුදලින් එයා කියන විදියටම බඩගින්නේ ඉන්න සහෝදර ජනතාවට එක වේලක් හරි කන්න සළස්වන එක. මොකද එයාට වැඩිපුර දුක් විදින අයට පිහිට වෙන්න තිබුන අවස්ථාවක් නැතිකරගෙන තියෙන්නේ (නි)
මෝඩ කොල්ලෙක්. සල්ලි වැඩියෙන් ලැබෙනවා නම්, සමාජ සේවා ජාලයක් පටන් අරගෙන වැඩක් කරන්න පටන් ගන්න තිබුණා. එහෙම වුණා නම් පින තවත් වැඩියි. මනසටත් සැහැල්ලුයි. හිතට සතුටකුත් දැනෙනවා. (නි)
පිස්සුද කොහෙද? (නි)
සුසන්තගේ අදහසට මමත් එකගයි. ඉන්දියාව කියන්නේ මහා සල්ලිකාර රටක් නෙමෙයිනේ. පාලම් කඩාගෙන වැටිලා මිනිස්සු මැරෙනවා. පාලමක් හදලා දෙන්නකෝ සල්ලි වැඩි නම්. (නි)
මමත් එහෙම රැකියාවෙන් අයින් උනා ලැබෙන පඩිය බිරිඳට උජාරුවෙන් කීවම ඊටත් වැඩිය ලැබෙනවා ඇති කියල රන්ඩු වෙනවා එනිසා රස්සාව අත් හැරලා ගෙදර ඉන්නවා. (නදී)
පිස්සුද මන්දා? (නි)
ඇත්තටම ,මොන මෝඩ වැඩක්ද...?පඩිය අරගෙන වැඩි ඒවායින් පිනට දෙන්න තිබුනනේ, අපිට ලැබෙන දෙයිනුත් හැකි විදියට අපි පින් කරගන්නේ ...!!!(නදී)
කුඩැල්ල මෙට්ටේ තියන්න බැහැ වගේ වැඩක් මෙයට තිබුනේ තව පඩි අරගෙන ඉතුරු ටික එහෙ ජනතාවට බෙදල දෙන්නේ නෑ. (අ)
පිස්සු හොද එක .(අ)
පවුම් 450 ගානක් ද?පව් අසරණයා (අ)
පිස්සෙක් නේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණය තමන් තියාගෙන, ඉතුරි ටික බැංගලෝරයේ කන්න නැතිව දුක් විදින මිනිසුන් දුන්න නම් ඉවර නේ. (අ)
මේ වගේ මෝඩ පුද්ගලයෙක්ට ඒ වගේ රැකියාවක් කොහොම ලැබුනද මන්දා... තමන්ට ඕන කරන ප්‍රමාණයට මුදල් තියාගන ඉතිරිය තමන්ගේ රටේ දුප්පත් මිනිස්සුන්ට දෙන්න තරම් මොලයක් නැද්ද... එක්කෝ මොලයක් නැතුව ඇති... ඉන්දියාවෙනේ.. (නදී)
මේ නම් හරකෙක්ද කොහෙද ? තන කොලත් හොද වැඩියි මැටි මෝලට.(නදී)
මමත් "සන්දීප්" වගේ කෙනෙක් හම්බ කරපුව දීල ඔලුව නිදහස් කරගෙන සමාන්නිය විදියට ජීවත් වෙනවා.(අ)