IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පිටසක්වළ බිත්තර ?

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙරළෙන් හදිසියේම මතුවූ කොළ පැහැති බෝල සමූහය පිටසක්වල ජීවීන්ගේ බිත්තර යැයි සිතෙන තරමට පුදුම සහගත දෙයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිය මත ලිස්සායන්නන් හා උදෑසන වෙරළේ ඇවිදින පුද්ගලයන් මේවා දැක මහත් විමතියට පත්ව සිටියි. විදෙස් මාධ්‍ය එය වාර්තා කැර ඇත්තේ ද පිටසක්වළ බිත්තර යනුවෙනි.

රාත්‍රිය පුරා වෙරළට ගසාගෙන විත් තිබූ මේ ආගන්තුක අපූර්ව වස්තූන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ විද්‍යාඥයන් පවසන්නේ ඒවා ස්පොන්ජි වැනි මුහුදු පැලෑටි විශේෂයක් බවයි. මේවා බිත්තර මෙන් රවුම් වී ඇත්තේ විලෝපිකයන්ගෙන් බේරීමට බව ද ඔවුන්ගේ අදහසයි.

දින තුනකට පමණ පෙර මේ බෝල කිහිපයක් වෙරළට පැමිණ තිබෙනු දක්නට ලැබිණි. පසුව ඒවා දහස් ගණනක් පැමිණෙන්නට විය. පසුව පැමිණි කොළ පැහැති බෝල මුලින් පැමිණි ඒවාට වඩා විශාලත්වයෙන් වැඩිවන අතර වෙරළ පුරාම දක්නට ලැබිණි.

මෙය ඉතා දුර්ලභ කොළ පැහැති ඇල්ගී විශේෂයකි. ඕස්ට්‍රේලියාවේ ජෛව විද්‍යාත්මක හා පරිසර විද්‍යාත්මක විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇලිස්ටෙයාර් පූරේ පවසන්නේ මේ කොළ ඇල්ගී උප ස්ථර මත නොවැඩෙන බවයි. ඒවා නිදහසේ වැඩෙන බව විද්‍යාඥයන්ගේ මතයයි.

මේ ආකාරයේ ඇල්ගී විශේෂ ලෝකයේ වාර්තා වන්නේ අතලොස්සකි

article-0-21820E8F00000578-128_634x338



අදහස් (0)

පිටසක්වළ බිත්තර ?

ගයා Sunday, 02 November 2014 03:29 AM

බැලුවම අපේ මිනිස්සු හැම දෙයක් ගැනම දන්නවනේ සතුටුයි (නදී)

:       0       0

බෙනට් Sunday, 21 September 2014 01:10 PM

චාමික හරි, එහෙත් තියෙනවා අයිස්ලන්තයක්. ජපන් සහ අයිස්ලන්තේ මහාචාර්ය වරු දෙන්නෙක් මේ ගැන දිග කලක ඉඳල පරීක්ෂණ පවත්වනවා. මේවම තමයි වෙනසක් නෑ. හැබැයි ජපානෙයි, අයිස්ලන්තෙයි මේවා තියෙන්නේ ගංගාවල (නදී)

:       0       0

චාමික Sunday, 21 September 2014 01:03 AM

මේවට කියන්නේ මරිමෝ කියලා. ජපානයේ හොකයිඩෝ ආශ්‍රිතව මේවා බහුලව තියෙනවා. (නි)

:       0       0

කුමාර Sunday, 21 September 2014 09:15 AM

අලියෙක්වත් ඔය පැත්තේ ගියාද..? අලි බෙටි වගෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 207 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site