IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පූටින් බටහිරට උත්තර දෙයි

රුසියාවේ අවි ආයුධ ගනුදෙනු පිළිඹඳ සීමා පැනැවිය හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පමණක් බව රුසියා ජනපති ව්ලැදිමිර් පූටින් කියයි. ඔහු මේ බව කීවේ රුසියාව සිරියාව සමග කැරෙන අවි ආයුධ ගනුදෙනු ගැන බටහිර රටවල් න`ගන චෝදනා වලට පිළිතුරු බැඳීමක් ලෙසය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාවට පනවන සම්බාධක අනුව එරට සමග රුසියාව කරන ගනුදෙනු සීමා කිරීමට තමන් කටයුතු කරන බව පූටින් පවසයි. එතෙක් රුසියාව ගනුදෙනු කළ යුත්තේ කා සමගද හා කෙසේද යන්න ගැන කිසිවකුගේවත් උපදෙස් අනවශ්‍ය බව ඔහු කියයි. රුසියාවෙන් පසුගිය වසරේදී සිරියාව මිලදී ගත් අවි ආයුධ වල වටිනාකම ඩොලර් සිය කෝටියක් ( රුපියල්  කෝටි 13200)ඉක්මවයි. සිරියාව සමග කැරෙන ආයුධ ගනුදෙනු සාධාරණීකරණය කරමින් රුසියාව පවසන්නේ සිරියා කැරලිකරුවන් නීති විරෝධී ලෙස ආයුධ  සපයා ගන්නා බැවින් රජයට ආධාර කිරීමේ වරදක් නොමැති බවයි. රුසියාව කිසි විටෙකත් සිවිල් යුද්ධයක් ඇති කිරීමේ අරමුණින් සිරියාවට අවි ආයුධ අලෙවි නොකරන බව පූටින් අවධාරණය කරයි.



අදහස් (0)

පූටින් බටහිරට උත්තර දෙයි

සිල්වා Friday, 19 October 2012 01:38 AM

පූටින්, ඔබට ජය! (නි)

:       0       0

ශාන් Thursday, 18 October 2012 03:21 PM

බොහෝ රටවල් දැන් අනුගමනය කරන්නේ කක්කුට්ටාගේ නියමයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site