පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන්සේවයට අයත් පීකේ 661 නමැති යායනක් පුද්ගලයන් 48 දෙනකු සමග පකිස්ථානයේ උතුරුදිග ප්‍රදේශයට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 42ක්, කාර්ය මණ්ඩලයේ පස් දෙනකු හා යාන්ත්‍රික ඉංජිනේරුවකු සිටි බවත් අනතුරට ලක්වූ ස්ථානයේ තිබී මළ සිරුරු 26ක් සෙයාගත් බවත් පකිස්ථාන පොලිසිය පවසා ඇත. කිසිදු පුද්ගලයකු දිවිබේරාගත් බවට සළකුණක් නැතැයි ද පකිස්ථාන සහන සේවා ඒකක පවසයි. මෙම යානය චිත්‍රාල් සිට ඉස්තාම්බුල් දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇත.

යානය අනතුරට පත්ව ඇත්තේ ඉස්තාම්බුල් නගරයට කිලෝමීටර් 73ක් පමණ උතුරින් පිහිටි හැවලියන් ප්‍රදේශයේදීය. අනතුරට ලක්වනවිට යානය ගුවන්ගත වී විනාඩි අනූවක් ගත ව තිබූ බව පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය පවසයි.

ජනප්‍රිය පොප් ගායකයෙකුව සිට පසුව ඉස්ලාම් දේශකයෙකු බවට පත්වූ ජුනෙයිඩ් ජැම්සෙඩ් හා ඔහුගේ බිරිඳද යානයේ ගමන්ගෙන ඇතැයි පකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.