අගමැති ධුරය සඳහා පාකිස්තාන ජනතා පක්ෂය නම් කළ රාජා පර්වේස් අෂ්රාෆ් පෙරේදා (23) සිය රාජකාරි ආරම්භ කළේය.
අගමැති ධුරය භාර ගැනීමට පෙර අෂ්රාෆ් තොරතුරු තාක්ෂණ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.
අෂ්රාෆ් අගමැති ධුරයට පත් කෙරුණේ යූසොෆ් රාසා ගිලානී අගමැති ධුරයෙන් ඉවත් වීමත් සමඟය. ගිලානිට අගමැති ධුරය අහිමි වූයේ ඔහු එම ධුරයට නුදුසුදු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම නිසාය.
ඊට හේතු වූයේ පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දුෂණ නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පැහැර හැරීමෙන් ගිලානි අධිකරණයට අපහාස කළැයි යන චෝදනාවට වරදකරු වීමය.
නව අගමැති ලෙස අෂ්රාෆ් පෙරේදා හමුදා උත්තමාචාර මැද ඉස්ලාමාබාද් නුවර අගමැති නිල නිවසට පැමිණියේය.
අගමැති ධුරයේ වැඩ බාර ගත් අෂ්රාෆ්ගේ ප‍්‍රමුඛ කාර්යය විය යුත්තේ ජනපති සර්දාරිට එරෙහිව නඩු විභාග ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දීමය. එසේ නොකළහොත් ඔහුට එරෙහිව ද නීති මගින් කටයුතු කෙරෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්ථානයට හොද කාලයක් උදා වේද
මෙයාලටත් ස්විස්ටර්ලන්තයෙන්ම කන්න ඕනද?
ලංකාවේ ඉන්න පකිස්තාන් කට්ටියක් යැව්වනම් හරි