IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


පාකිස්තාන-ඇමෙරිකා ආරවුල තවත් ජවනිකාවක්ද?

පසුගිය සෙනසුරාදා අලූයම ඇෆ්ගන් පාකිස්තානු දේශ සීමාවේ පාකිස්තානු හමුදා කඳවුරකට එල්ල කළ නේටෝ ගුවන් ප‍්‍රහාරය එක්සත් ජනපදය හා පාකිස්තානය අතර පෑරී තිබූ සබඳතා බිඳ වැටීමට ආසන්න තත්ත්වයකට පත් කෙරිණ. එම ගුවන් ප‍්‍රහාරය නිසා පාකිස්තානු භටයින් 24 දෙනෙකු මරුමුවට පත්වූ අතර තවත් පිරිසක් තුවාල ලැබූහ. පසුගිය මැයි මාසයේදී ඇබොටාබාද් හි සැඟව සිටියේ යැයි සැලකෙන අල්කයිඩා නායක බිල් ලාඩන් ඝාතනයෙන් පසුව පාකිස්තානය එක්සත් ජනපදයට දැඩි විරෝධය පළ කොට තම ස්වෛරීත්වය රැක ගැනීම සඳහා ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට අයිතියක් තිබෙන බව අවධාරණය කළේය. වඩාත්ම බරපතළ වූයේ සාමාන්‍ය ජනතාව තුළින් නැගී ආ විරෝධතාවයි. එම නිසා නැවත වරක් ජනතාව තුළ එවැනි විරෝධයක් මතු වීමට පෙරම හමුදා නායකත්වය හා සිවිල් පාලනය එක්සත් ජනපදයට තම දැඩි විරෝධය පළ කොට පාකිස්තානය හරහා වැටී ඇති ඇෆ්ගන් සැපයුම් මාර්ග වසා දැමීමටද තීරණය කළහ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියක් යවමින් එම සංවිධානය දැනුම්වත් කිරීමට පියවර ගැනිණි. ඒ සියල්ලෙන් පෙනී ගියේ ත‍්‍රස්තවාදයට එරෙහිව ගෙන යන යුද්ධයේ උපාය මාර්ගික හවුල්කරුවෙකු වන පාකිස්ථානය හා එක්සත් ජනපදය අතර සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වන ආකාරයට බිඳී ගොස් ඇති බවකි. හමුදා ප‍්‍රකාශක මේජර් ජනරාල් අත්තාස් අබ්බාස් පවසන ආකාරයට පසුගිය වසර තුනක කාලය ඇතුළත ඇෆ්ගනිස්ථානයේ ක‍්‍රියාත්මක වන නේටෝ ප‍්‍රහාරවලින් පාකිස්ථානු භටයින් 72 ක් මිය ගොස් 250 ක් තුවාල ලැබූහ. පසුගිය සැප්තැම්බර් මාසයේදී එල්ල කළ ප‍්‍රහාරයකින් පාකිස්තානු භටයින් දෙදෙනෙකු මිය ගිය අතර එම අවස්ථාවේදීද විරෝධය දැක්වීමට සැපයුම් මාර්ග දින දහයක් තිස්සේ වසා දැමිණි. ඇෆ්ගනිස්ථානයේ සිටින නේටෝ හමුදාවල අවශ්‍යතාවයෙන් සියයට පනහක් පමණ ප‍්‍රවාහනය කෙරෙන්නේ පකිස්තානය හරහාය. මීට පෙර මුළු සැපයුම් වලින් සියයට 96 ක්ම පාකිස්තානය හරහා සිදු වුවද සැපයුම් මාර්ගයට එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර හා පාකිස්තානය තුළ ඇති ජන විරෝධය නිසා රුසියාව හා මධ්‍යම ආසියානු රටවල් හරහා නව සැපයුම් මාර්ගයක් විවෘත කෙරිණ. එහෙත් එම ගමන් මාර්ගය වඩාත් දුෂ්කර දීර්ඝ වීම නිසා පාකිස්තානු සැපයුම් මාර්ග සුරක්ෂිත කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව පෙනේ. පසුගිය සෙනසුරාදා සිද්ධියෙන් පසු සැපයුම් මාර්ග වසා දැමීමට අමතරව ඇමරිකානු ඩ්‍රෝන යානා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන බැලොකිස්ථානයේ ෂම්සි නගරයේ ගුවන් තොටුපොළෙන් දින 15 ක් ඇතුළත භටයින් ඉවත් කර ගැනීමට ද අමෙරිකාවෙන් ඉල්ලීමක් කෙරිණි. 9/11 සිද්ධියෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනයට එරෙහිව එක්සත් ජනපදය ගෙන යන යුද්ධයට පාකිස්තානයට සහාය දැක් වූයේ කැමැත්තෙන්ම නොවේ. එවකට පාකිස්තානයේ පාලන බලයේ සිටි ජනරාල් පර්වෙස් මුසාරෆ් සටනට එක්වීමට අදි මදි කරන විට පාකිස්තානය නැවතත් පාෂාණ යුගයට පත්වන තෙක් බෝම්බ දමන බවට තර්ජනයක්ද එක්සත් ජනපදයෙන් එල්ල විය. ඉන් පසුව වුවද පාකිස්තානයේ හමුදාව ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදා සමග සටන් වැද සිටි කණ්ඩායම්වලට සහාය දෙන බවට එක්සත් ජනපදයෙන් නිතර චෝදනා එල්ල විය. පසුගිය සැප්තැම්බර් මාසයේදී කාබුල් නගරයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ල කළ හකානි කණ්ඩායම මෙහෙයවන්නේ පකිස්තානයේ හමුදාවේ බුද්ධි අංශය වන අයි.එස්.අයි. යැයි එක්සත් ජනපද හමුදා කාර්ය මණ්ඩල ප‍්‍රධානි මයික් වුලන් සෙනේට් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසුවේය. මෙම චෝදනාව පාකිස්තානයෙන් ප‍්‍රතික්ෂේප කළත් ඇෆ්ගනිස්ථානයේ සටන් වැද සිටින කණ්ඩායම් වලට පාකිස්තානයේ දේශ සීමා ප‍්‍රදේශයේ රැකවරණය සැපයෙන බව ඇමෙරිකාව නිතර අවධාරණය කරයි. එම නිසා මෙම ප‍්‍රහාරය ඛේදවාචකයක් වූ අත්වැරැද්දක් යැයි නේටෝ හමුදා ප‍්‍රධානියා පැවසූවත් එය පිළිගැනීමට පකිස්තානු රජයට හෝ හමුදාවට හැකියාවක් නැත. වඩාත් වැදගත් වන්නේ එවැන්නකට එරෙහිව ඇති ජන මතයයි. මෙම සිද්ධියෙන් කම්පාවට පත් චීනය හා රුසියාව ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියත් පාකිස්තානු රජයට හෝ හමුදාවට නොටෝ හමුදාව සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව දැඩි පියවරක් ගැනීම අපහසුය. ඊට එක හේතුවක් වන්නේ එක්සත් ජනපදය හා පාකිස්තානු රජය හා හමුදාව අතර පවතින සමීප සම්බන්ධතාවයයි. පාකිස්තානු හමුදාවට වාර්ෂිකව ඩොලර් කෝටි සියයකට අධික ආධාර මුදලක් එක්සත් ජනපදයෙන් ලැබෙන අතර පාකිස්තානු හමුදාවේ ප‍්‍රධාන පෙළේ නායකයින් හා ඇමරිකානු හමුදා නායකයින් අතර පවතින්නේද සමීප සම්බන්ධතාවයකි. එම නිසා නේටෝ ගුවන් ප‍්‍රහාරය පිළිබඳව දැඩි විරෝධයක් දැක්වුවද එහි දීර්ඝ කාලීන බලපෑමක් විය නොහැකිය. මීට අමතරව ගල්ෆ් කලාපයේ එමීර් රාජ්‍යයෙන්ද පාකිස්තානය හා එක්සත් ජනපදය අතර සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටීම අනුමත කරන්නේ නැත. බැලොකිස්තානයේ ෂම්සි ගුවන් තොටුපළෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමේ නියෝගය ඉවත් කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමැතිවරයා පකිස්තානු අගමැතිවරයා හා හමුදා නායකයා මුණ ගැසුණේය. මෙම ගුවන්තොටුපොළ 1992 දී අත්සන් කළ ගිවිසුමක් අනුව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පවරා ඇති නිසා එවැනි මැදිහත් වීමකට අයිතියක්ද දැක්විය හැක. එමිරේට්ස් රජ පවුල හා පාකිස්තානු ජනාධිපති සර්දාරි අතර සමීප සබඳතාවයක් පැවතීමද තවත් වැදගත් කාරණයකි. එම නිසා පසුගිය සෙනසුරාදා සිද්ධිය නිසා මතු වී ඇති උණුසුම්කාරී තත්ත්වය තවත් පුස්වෙඩිල්ලක් විය හැකිය. නේටෝ ප‍්‍රහාරයට විරෝධය පෑ තවත් අවස්ථාවක් පකිස්තාන ජනපති අල් සර්දාරි නේටෝ ප‍්‍රහාරයෙන් මියගිය හමුදා සෙබළුන්ගේ සිරුරු පෙෂාවෝර්හිදි මිහිදන් කළ අයුරු ඇමරිකානු විරෝධි පෙළපාලියක ඇමරිකාවේ ජාතික ධජය පුළුස්සමින්



අදහස් (0)

පාකිස්තාන-ඇමෙරිකා ආරවුල තවත් ජවනිකාවක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 989 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site