අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි අද (13) එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
එල්ල වී ඇති චෝදනාවලට ගිලානි වරදකරු වුවහොත්, මාස 6 ක් සිර දඬුවම් විඳීමට සිදුවන අතර අගමැති ධුරය ද අහිමි වනු ඇත. අගමැති ගිලානි සහ පාකිස්තාන රාජ්‍ය නිලධාරීන් රැසකට දූෂණ වංචා චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනාවලට නිසි ලෙස නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීමෙන් පාකිස්තාන අගමැතිවරයාගේ අක‍්‍රියවත්භාවය පෙන්නුම් කෙරෙන බව ද එය අධිකරණයට අපහාස කිරීමක් සේ සැලකෙන බවද පවසමින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් අගමැතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කොට තිබිණ.
ඒ අනුව අගමැති ගිලානි ඉකුත් දෙවැනිදා පළමු වරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවාරය අදට කල් තැබිණ. අගමැති ගිලානි සිය නීතීඥ අටිසාස් අෂාන් මගින් ඉකුත් සිකුරාදා (10) අභියාචනයක් ද ඉදිරිපත් කළ නමුත් අධිකරණය එය නිෂ්ප‍්‍රභ කළේය.
අගමැති ගිලානී ඉකුත් මාසයේ ඇමෙරිකාවේ සී.එන්.ඒ. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා ඇත්තේ අවශ්‍ය නම් සිරබත් කෑමට පවා තමන් සූදානම් කියාය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd