රහස් පණිවුඩයක් රැගෙන පාකිස්තානයේ සිට දේශසීමා හරහා ඉන්දියාවට පියඹා ආ පරෙවියකු අල්ලා ගැනීමට ඉන්දියා ආරක්ෂක අංශ සමත් වූ බව එන්ඩීටීවී රූපවාහිනිය වාර්තා කරයි.
මෙම පරෙවියා අල්ලා ගෙන ඇත්තේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ පන්ජාබ් දේශසීමාවේ පතන්කෝට් ගම්මානයේදීය.
පරෙවියාගේ කකුළක රහස් පණිවුඩයක් සහිත කොළ කැබැල්ලක් ගැට ගසා තිබුණු බවත් කියති.
ඉන්දියාවේ බුද්ධි අංශ මීට දින කීපයකට පෙර අනතුරු අඟවා තිබුණේ පරෙවියන් යොදා ගනිමින් පැරැණි ක්‍රමයට රහස් පණිවුඩ හුවමාරුව සිදුවන බවට ආරංචි ඇති බවයි.
එම පරවියා මුජහදීන් නම් ත්‍රස්තවාදීන්ගේ පණිවුඩ කරුවකු බවත්, පරවියා රැගෙන ආ පණිවුඩයේ තිබුණේ දුරකතන අංකයක් සහ කෙටි පණ්වුඩයකික් බවත්, එය උර්දු බසින් සටහන් කර තිබු බවත් ආරක්ෂක අංශ කියයි.
පරවියා පැමිණ ඇතැතිය කියන නිවස කරණවෑමියකුගේ බවත්, කරණවෑමියාගෙන් හා ඔහුගේ 14 හැවිරිදි දරුවාගෙන් ප්‍රශ්න කරගෙන යන බවත් බුද්ධි ආංශ කියයි.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී)
COMMENTS
ඒ පණිවුඩේ තිබුනේ කොන්ඩේ වෙනුවට බෙල්ල කපන්න කියලා.(බ)
නරකක් කරන්න මිනිසා කොයි තරම් මහන්සිවෙන්නේද ?(බ)
පකිස්ථානය යනු මුළු ලෝකෙටම පිළිලයක් වුන අන්තවාදය සහ කුඩු බෙදා හරින මධ්‍යස්ථානය. ලංකාවටත් මේක මහා පිළිලයක් වෙලා තියෙන්නේ (බ)
21ක් වැනි සියවසේත් පැරණි සන්නිවේදන ක්‍රම භාවිතා කරන එක ගැන සන්තෝෂ වෙන්න ඕනි.(බ)
හංස සංදේශය මතක් වුනා (ත)
පරෙවි සංදේශය !(බ)