පාකිස්තානයේ පෙෂවෝර් නුවර ෂියා මුස්ලිම් පල්ලියකට, ආයුධ සන්නද්ධ පිරිසක් ඉකුත් සිකුරාදා එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 150 දෙනෙක් තුවාල ලැබූහ.
පාකිස්තාන ආරක්ෂක අංශ පවසන්නේ, එය සුන්නි මුස්ලිම් සටන්කාමීන් විසින් සිදු කළ සැහැසි කි‍්‍රයාවක් බවය. ප‍්‍රහාරයට තිදෙනෙක් පැමිණ ඇති අතර වෙඩි තැබීමෙන් පසු ඔවුහු පලා ගියහ.