ක්වෙටාහිදීය (රොයිටර්)
නිරිත දිග පාකිස්තානයේ මැතිවරණ රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සියයකට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා අද (13) වාර්තා කළේය.
අයි.එස් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබූ අතර ප්‍රහාරයෙන් 85 දෙනකු මියගිය බව එම සංවිධානයේ ‘අමාක්’ පුවත් සේවය වාර්තා කර තිබිණි. ප්‍රහාරයෙන් 111 දෙනකු මියගිය බව තවත් පුවත් සේවා කිහිපයක දැක්වුණු අතර මියගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් පාකිස්තාන බලධාරීන් අද (13) රාත්‍රීය වනතුරුත් නිල නිවේදනයක් නිකුත් කර නොතිබිණි.
නිරිත දිග පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ මස්තන්ග් නගරයේ පැවැති මැතිවරණ රැලියකට මෙම මරාගෙන ප්‍රහාරය එල්ල විය. ප්‍රහාරයෙන් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා විය.
පාකිස්තා මහ මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර දේශපාලන රැස්වීමක් එල්ල කරගෙන එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය යැයි ද පාකිස්තාන වාර්තා සඳහන් කර තිබිණි.
055 / 085


2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාකිස්තානයේ මැතිවරණ රැලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්