
පාකිස්තාන නිදහස් දිනය අද (14) ට යෙදී තිබේ.
නිදහස් දින සැමැරුම් පැවැත්වීම සිදුවූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවය. ඊට හේතුව, පාකිස්තානය මේ වනවිට සිවුවැනි කොරෝනා රැල්ල නිසා දරුණු ලෙස පීඩාවට පත්වී ඇති බැවිනි.
පාකිස්තාන ජාතික ධජ සෑම නගරයකම, සෑම නිවසකට පාහේ දිකින්න ලැබුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ප්‍රධාන සැමරුම් උත්සවය ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වුණේ හමුදා උත්තමාචාර මධ්‍යයේය.
පාකිස්තානය අද (14) ඔවුන්ගේ නිදහස් දිනය සමරද්දී, ඉන්දියාව ඔවුන්ගේ නිදහස් දිනය සැමරීම සිදු කරන්නේ අගෝස්තු 15 වැනිදා එනම් හෙට දිනයේය.
කෙසේ නමුත් ඉන්දියාව සහ පාකිස්තානය ලෙස ස්වෛරීය රාජ්‍යයන් දෙකක් නිර්මාණය වූයේ, 1947 වසරේ අගෝස්තු 15 වැනිදා ඉන්දීය නිදහස් පනත හරහාය.
පාකිස්තානය ඉන්දියාවට පෙර අගෝස්තු 14 වැනිදාත්, ඉන්දියාව 15 වැනිදාත් නිදහස් දිනය ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් ද අදහස් කීපයකි.
බ්‍රිතාන්‍ය ඉන්දීය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මවුන්ට්බැටන් ආදිපාදවරයා, පාකිස්තානය පිහිටුවීමේ පුරෝගාමියා වූ මොහොමද් අලි ජින්නාට පාලනය ලබා දීම සිදුවූයේ 1947 වසරේය.
ඉන්දියාව සහ පාකිස්තානය වෙනම ස්වෛරී රාජ්‍යයන් ලෙස මවුන්ට්බැටන් ආදිපාදවරයා නිල වශයෙන් කම් කළේ 1947 අගොස්තු 15 වැනිදාය.
එසේ වුවත්, පාකිස්තානය ඔවුන්ගේ නිදහස් දිනය ලෙස අගෝස්තු 14 වැනිදා තෝරාගෙන තිබෙන අතර, ඉන්දියාව ඔවුන්ගේ නිදහස් දිනය ලෙස තෝරාගෙන ඇත්තේ අගොස්තු 15 වැනිදාය.
ඉන්දියාවේ සහ පාකිස්තානයේ වේලාවන් වෙනස්ය. ඉන්දියාවේ වේලාව සැකැසී ඇත්තේ පාකිස්තානයට වඩා මිනිත්තු 30 ක් පසුපසිනි.
ඒ අනුව, ඉන්දියාව අගෝස්තු 15 වැනිදා මැදියම් රාත්‍රියේ නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වුණු අතර, පාකිස්තානයට නිදහස හිමිවූයේ අගෝස්තු 14 වැනිදා 11.30 ටය.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා)
2025 නොවැම්බර් මස 21
123
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
203
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1066
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පාකිස්තානය නිදහස් දිනය සමරයි