පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චි නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවටත් ඒවා මර්දනය කිරීමට පොලිසියට හැකියාවක් නැති බවටත් නුවර වැසියෝ චෝදනා කරති.
මේ වන විට කරච්චි නුවර දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ ප‍්‍රභූවරුන් වෙඩි නොවදින මෝටර් රථ භාවිතා කිරීමට පෙළැඹී ඇතැයි ද වාර්තා වේ.
මිලියන 18 ක පිරිසක් ජීවත් වන කරච්චි නුවර ආගමික, වාර්ගීක සහ දේශපාලනික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී යෑම ඇරැඹුණේ, මීට වසර කිහිපයකට පෙරය. පසුගිය පාකිස්තාන මහ මැතිවරණයෙන් පසු එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න ලැබුණි.
ඉකුත් ජූලි 7 වැනිදා, කරච්චි නුවර ලයාරී පළාතේ පා පන්දු කී‍්‍රඩංගනයක අධි බලැති බෝම්බයක් පුපුරා යෑමෙන් කුඩා දරුවන් හත් දෙනකු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 24 දෙනෙක් තුවාල ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ල්හු අක්බර්. සියල්ල අල්ලාහ්ගේ කැමැත්තට අනුව සිදුවී ඇත.(නදී)
කනගාටුයි