ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී)
දීර්ඝ කාලයක් පැවැති දූෂණ චෝදනාවලට වරදකරු කරමින් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් රාජ්‍ය තනතුරක් දැරීමට නුසුදුස්සකු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය.
මතභේදාත්මක දේශපාලන දිවියකට හිමිකම් කියන නවාස් ෂරීෆ්ට ධුර කාලය අවසන් නොකරමින් අග්‍රාමත්‍ය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ තෙවැනි අවස්ථාව මෙයයි.
“ඔහු පාර්ලිමේන්තුවේ සාමාජිකයකු වීමට සුදුසු නැහැ. ඔහු අගමැතිධුරයෙන් ඉවත් විය යුතු” යැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ඉජාස් අෆ්සාල් ප්‍රකාශ කළේය. තීන්දුව ප්‍රකාශට පත් කළ අවස්ථාවේදී විපක්ෂ කණ්ඩායම් වීදිවලට පැමිණ සටන් පාඨ කියමින් ජයඝෝෂා නැගූ බව ද වාර්තා විය.
තීන්දුවෙන් පසු පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් එම තනතුරින් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය මීට ටික වේලාවකට පෙර වාර්තා කළේය.
055
COMMENTS
අපේ මහරජාණන්ටත් ඔහොම කරන්න බැරිද? ජනපති ඉඳලා මන්ත්‍රී වුණා. එතැනින් පස්සේ .....!!!
අනේ ඔහොම තීන්දුවක් අපේ රටෙත් දෙන්න බැරිද? එතකොටවත් මේ රට හැදෙන්න පටන් ගනියි හරියට.
පකිස්තානෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. එයාලා නීතිය නැමුවත් අපි නම් නීතිය නමන්නෙ නෑ.
අපොයි දෙයියනේ, අපි හිතාගෙන හිටියේ අපේ අධිකරණවලට වගේ ස්වාධීනත්වයක් කිසිම රටක අධිකරණයකට නැහැ කියලනේ. දැන්නේ තේරෙන්නේ සාක්කිකාරයෙක් ගෙන්න ගන්නවත් අපේ අයට හැකියාවක් නැහැ කියන එකේ ඇත්ත..
අඩුම ගානේ ප්‍රාදේශීය සභාවක සභාපති ලෙසවත් නුසුදුස්සෙක් කරන්නේ නෑ... මොකද අපේ දේශපාලකයෝ පගා ගන්නේ නෑ...
Chooty ඔයාටත් හැදිලද ඒ උන . මහරජානෝ පෙන්නෙන්න බැරි. ෂෙරිෆ් ගේ මේ තුන්වෙනි පාර. රනිල් ගේත් තුන්වෙනි පාර. දැන් රවිට අවස්තාව තියනවා පෙන්වීමට අවංකකම.
අනේ මෙහෙමත් ගැත්තෝ, තව ටිකක් එහෙයි කියන්න. මොනවා හරි ටිකක් රවි මහත්තයාගෙන් ගන්න පුළුවන්...
අනේ අපොයි, මොන වැරදි තීන්දුවක්ද? අපේ රටේ නීති පද්ධතිය අනුගමනය කරන්න තිබුණා. හොරුන්, මංකොල්ලකරුවන්, දූෂකයන් ඔක්කොම ආරක්ෂා කරන එකම රට වෙලා. සුදෝසුදු රෙදි ඇඳගෙන දත් පෙන්නා ගෙන ඔය අපූරුවට ඉන්නේ...
එහෙම වෙන්නේ පාකිස්තානේ පාකිස්තානේ, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ, අපේ උදවිය ගෙදර යන්නේ නැහැ!!!
අපේ රටේ හොරු රැළක් තවම නිදැල්ලේ ඉන්නවා. ඒ අයවත් යවමු ඇතුලට.
පකිස්ථානයේ පරම්පරාව පැවතෙන්නේ හොරෙකුගෙන් නොවන නිසා ඒ රටේ අධිකරණය දූෂකයාට විරුද්ධව තීරණය නොපැකිලව දුන්නා. නමුත් අපේ රටේ කතාව ඊට හාත්පසින්ම වෙනස්... ඉතිහාස කතාවේ හැටියට අපි පැවතෙන්නේ විජය කියන පුද්ගලයෙකුගෙන්.. එයාගේ පියාට මිනිහාව එපාම වෙලා යාලුවෝ ටිකත් එක්ක නැවක දාලා.. රටෙන් එළවලා දැම්මා. අන්තිමේදී ලංකාවට ඇවිල්ලා කුවේණියව රවටලා තමන්ගේම දරුවන්වත් එළවලා දමලා ඉන්දියාවෙන් ගැහැනුන් වගයක් ගෙනත් අායෙත් වතාවක් කසාද බැඳලා ..ඒ පරම්පරාවෙන් හැදුන අය තමයි අපි ... මම නොවෙයි මේ කියන්නේ.. ඉතිහාස කරුවා. ඉතින් ලංකාවේ ඉන්න අපි ඔක්කොම හොරු...උඩ ඉඳලා පහළටම ඉන්නේ හොරු..ලැජ්ජයි..නමුත් මොනවා කරන්නද? ලංකාව කියන නම වෙනස් කරලා චවුර දේශය කියලා නම වෙනස් කරමුද...?
ඔන්න ඕක තමයි අපේ රටයි, ලෝකේ අනෙත් රටවලුයි අතර වෙනස... අපේ සිංහල ජාතිය වඳවෙලාම යන්නේ ඔන්න ඔය නිසා තමයි.
"'පාකිස්තානේ එහෙම වුනත් - අපේ රටේ එහම වෙන්නේ නැහැ , "'අපේ ඇමතිලා හොර කරන්නේ නැහැ ""
ලංකාවෙන් උපදෙස් ගත්තානම් බේරෙන්න තිබුන