එංගලන්තයේ තේම්ස් නදී ඉවුරෙන් නවශිලා යුගයට අයත් හිස් කබලක් හමුවූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. 
 
වසර 5,600ක් ඉපැරණි මෙම හිස්කබල වයස අවුරුදු 18ක් පමණ වන පුරුෂයකුට අයත්  බව විමර්ශකයෝ පවසති. 
 
මෙම ආදි මානවයා ගොවියකු මිස දඩයක්කරුවකු නොවන බවත් නවශිලා යුගයෙන් පසු ගොඩනැගිලි සහිත ගොවිපළවල් ඔවුන් භාවිත කළ බවට සාධක දැනට පවතින බවත් ඉතිහාසඥයෝ පෙන්වා දෙති. 
 
එංගලන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් විකිරණ කාබන් පරීක්ෂණ වාර්තාවට අනුව හිස්කබල නව ශිලා යුගයට ආසන්න කාලයකට අයත් බව හඳුනාගෙන ඇති බවත් වාර්තා වේ.‍
 
මඩ, කැලි කසළ ආදිය පීරා බලමින් එහි වටිනා ද්‍රව්‍ය සොයාගන්නා පිරිසක් විසින් මෙම හිස්කබල සොයාගෙන ඇත.
 
===========
 
(බී බී සී ඇසුරිනි)
 
16844