9/11 ප්‍රහාරය සිදුවී ඊයේට (11) වසර 13 කි.
අඳුරු මතකයන් යළි යළිත් සිහි කැදවීම අපොහොසත් වුවද ප්‍රහාරයෙන් මියගිය 3000 කට ආසන්න ඇමරිකා ජාතිකයින්ගේ මව්පියෝ,ඥාති හිතමිත්‍රාදීහු අලූතින් ඉදිකෙරෙමින් පවතින ලෝක වෙළද මධ්‍යස්ථානයේ කුලූනු ඉදිරිපස එක්රැස්ව සිටියහ.
ඔවුන්ගේ දරුවන්ගේ,ඥාතීන්ගේ,හිතමිතුරන්ගේ,සැමියන්ගේ,බිරින්දෑවරුන්ගේ නම් සඳහන්ව තිබූ යෝධ සමරු ඵලකය රෝස මල් වලින් සැරැසිණ.
ඇමරිකා ජනපති බරක් ඔබාමා විශේෂ දේශනයක් සිදුකළේය.තම ළබැඳියන් අහිමිවුවද ශක්තිමත්ව සිටින මේ රැස්ව සිටින සියලූදෙනා වෙත මුළු ඇමරිකාවේම ගෞරවය හිමිවන බව ඔහු කීය.
ඔවුන්ගේ ශක්තිය ඇමරිකාවේ ශක්තිය වන බව ඔහු පැවසුවේය.
රැස්ව සිටියෝ සිව්වරක නිහැඩියාව රැක්කහ.පළමු යානය ලෝක වෙළද මධ්‍යස්ථානයේ හැපීම,දෙවන යානය හැපීම,පළමු කුළුණ කඩා වැටීම,දෙවැනි කුළුණ කඩා වැටීම සිදුවූ වේලාවන් එහිදී සිහිපත් කෙරුණි.
මගී ගුවන් යානා 3 ක පාලනය අතට ගත් ත්‍රස්ත සාමාජිකයෝ පිරිසක් ඒවා මරාගෙන මැරෙන ප්‍රහාරයකට යොදවමින් මහා විනාශයක් සිදුකළේ 2011 වසරේ සැප්තැම්බර මස 11 වැනිදාය.
මුලින්ම එක් ගුවන්යානයක් ලෝක වෙළද මධ්‍යස්ථානයේ එක් කුළුණකට කඩා වැදී පුපුරා විනාශව ගිය අතර මොහොතක් ගතවූ තැන දෙවන යානය ලෝක වෙළද මධ්‍යස්ථානයේ දෙවන කුළුනට කඩා වැදුණි.
තවත් යානයක් පෙන්ටගනයට කඩා වැදී විනාශ විය.
සිව්වැනි යානය වොෂින්ග්ටන් නගරය වෙත ගෙන යමින් සිටියදී එහි මගීන් ත්‍රස්තයින් වෙතින් යානයේ පාලනය ලබා ගැනීමට කළ උත්සාහයේදී අතරමග කඩා වැටී විනාශ විය.
ප්‍රහාර වලින් ගුවන්යානා 4 හිම සිටි මගීන් 227 දෙනා හා ත්‍රස්තයින් 19 දෙනාද ඇතුලූව මියගිය මුලූ පුද්ගලයින් ගණන 3000 කි.
ලෝක වෙළද මධ්‍යස්ථාන කුළුනු දෙක සම්පූර්ණයෙන්ම පාහේ විනාශව ගිය අතර පෙන්ටගනයේ බටහිර කොටසට අලාභ හානි සිදුවිය.
වර්තමානයේ ලෝක වෙළද මධ්‍යස්ථාන කුළුනු වල යළි ඉදිකිරීම් අවසාන අදියරේ පවතී.






COMMENTS
ඇමරිකාවටත් භීතිය දැනුනු දිනයක සැමරුම් (නදී)
ත්‍රස්තවාදය තුරන් කරන බවට ලෝකය ඉදිරියේ කතා මවන බරක් ඔබාමා ලෝකයේ ඇතැම් ත්‍රස්තවාදී කණ්ඩායම් වලට උදව් උපකාර කරන බව ලෝකයම දනී. රෝසමල් යාය වපුරවන්න තිබුනේ ධවල මන්දිරය අවටයි! (නි)