IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


නියමුවා උඩුගුවනේ දී මියයයි

ඇමෙරිකා ගුවන් සේවයට අයත් යානයක් සඳුදා රාත්‍රී ෆීනික්ස් ගුවන්තොටුපොළේ සිට බොස්ටන් ගුවන්තොටුපොළට පියාසර කරමින් සිටිය දී යානයේ ප්‍රධාන නියමුවා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ මිචෙල් ජොන්ස්ටන් (57) නමැති අයෙකි.

යානයේ ප්‍රධාන නියමුවා හදිසියේම අප්‍රාණික වීමත් සමග ඔහු පරීක්ෂා කළ සහායක නියමුවා තම ප්‍රධානියා මියයන්නට හෝ සිහි මුර්ජා තත්ත්වයට පත්වන්නට ඇතැයි අනුමාන කරමින් හැකි ඉක්මණින් යානයේ සම්පූර්ණ පාලනය සියතට ගෙන ඇත. ඉන් අනතුරුව යානය ආරක්ෂිතව නිව්යෝර්ක් ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට ඔහු කටයුතු කළේය.

මේ යානයේ මගීන් 147 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනකු ගමන්කරමින් සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රධාන නියමුවා 2006 වර්ෂයේ දී බයිපාස් සැත්කමකට මුහුණ දී සිටි බවත් ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවත් වෛද්‍යවරු කියති. මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.



අදහස් (0)

නියමුවා උඩුගුවනේ දී මියයයි

පිටබැද්දර ජයා Tuesday, 06 October 2015 11:50 AM

හොඳ වෙලාවට සහය නියමුවා ඇහැරලා හිටියේ ! (ම)

:       0       0

චානක Wednesday, 07 October 2015 01:47 AM

මීටවැඩිය නියමුවන් ගැන හොයලා බලලා, නුසුදුසු අය විශ්‍රාම යවන්න ඕනෑ. මේක සෙල්ලමක් නෙමෙයිනේ.මිනිස්සු කීයක් ගුවන් යානයක යනවද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 06 October 2015 12:44 PM

බටහිර රටවල කෙනෙක්ගේ වෛද්‍ය තොරතුරු හුදෙක් රහසිගත වන අතර එම දේවල් තවත් වෛද්‍යවරයකුට පවා ලබා ගතහැක්කේ ඔහු කැමති නම් පමණි. රහස්‍ය බව රැකීම දියුණු ලෝකයේ වැදගත් ලක්ෂණයක් වන නමුත් මෙයින් සමාජයට මෑතකදී වුණ හානි බොහෝය. ඉන් ගුවන්යානා සම්බන්ධව ගතහොත්, මෙම මියගිය නියමුවාගේ තොරතුරු දන්නේ ඔහු සහ වෛද්‍යවරු පමණි. නැත්නම් ගුවන්යානා සමාගම ඔහුට මෙතරම් වගකීමක් බාර නොදී ගොඩබිම උසස් තනතුරක් දෙනු ඇත. (නි)

:       0       0

නුවන්සර Tuesday, 06 October 2015 01:00 PM

හදවත් රෝගියෙක් වූ ප්‍රධාන ගුවන් නියමුවාට යානය පැදවීමට ඉඩදීම වැරදි දෙයක් කියලයි මට හිතෙන්නේ. එය සිදුනොවිය යුතු දෙයක්. (නි)

:       0       0

සුමිතා-හැරෝ-ලන්ඩන් Wednesday, 07 October 2015 06:43 PM

මගේ අසනීපය ගැන පව්ලේ අයට දැනුවත් වීමට මා කාටවත් කිසිම ලිපියක් බාර දුන්නේ නැහැ. මගේ පව්ලේ උදවිය සමග ඕනෑම වෙලාවක දොස්තර මහතා හෝ රෝහල් බලදාරින් මුණ ගැසීමට පුළුවන් කම ලැබුනා. (ර)

:       0       0

ගෞරියෙල් Tuesday, 06 October 2015 01:11 PM

ගුවන් මඟීන් සියල්ලෝම වාසනාවන්තයෝය (නි)

:       0       0

මැටිපහන Wednesday, 07 October 2015 03:35 AM

චන්න බුවනෙක, සෞදිය ඔයාට හොඳට සළකලා වගේ... (නි)

:       0       0

හේමන්ත Tuesday, 06 October 2015 02:00 PM

ඇමෙරිකාව ද? ලෝකෙට පරකාසේ, ගෙදරට මර ගාතේ! (බ)

:       0       0

ජනනී Wednesday, 07 October 2015 08:14 AM

රුපවතීගේ අදහස් ප්‍රතික්ෂේප කිරීමට සිදුවෙනවා.නැත්නම් බලන අය වැරදි විදිහට හිතාගන්න ඉඩ තියෙනවා බිරිඳගේ අසනීප තත්වයන් ගැන දැනුවත් කිරීමට සැමියාට හෝ වෙනත් වැඩිහිටි දරුවෙකුට කිසිම ලිකිත දැනුම් දීමක් අවශ්‍ය වන්නේ නැහැ.වෛද්‍ය වරයා ගාවට කෙලින්ම ගොස් ලෙඩා සමගින් විමසිය හැකියි. නමුත් වරක් මගේ රුධිර සාම්පල් වාර්තාව දුරකතනයෙන් සැමියා ඉල්ලා සිටි විට නම් කීවේ අයිති කාරයාට පමණයි දැනුම් දිය හැක්කේ කියා. (ස)

:       0       0

දර්ශා Wednesday, 07 October 2015 08:22 AM

චන්න , චන්ද්‍රසිරි , රොෂාන් , ..සෞදියට ගිහිල්ල අර කාටද ගල් ගහල ආපසු එන අය හිටියනම් කියයි ,, නියමුවා මැරුනේ ඒ අයගේ වාසනාවට කියලා ..එ්ත් ඉතින් සහය නියමුවා නිසා අවාසනාවක් වුනේ කියලත් කියයි ... (බ)

:       0       0

රොෂාන් Wednesday, 07 October 2015 04:26 AM

ඇයි මැටිපහන, සෞදියෙත් හොඳ මිනිසුන් ඉන්නවා. හැමෝම නරක නැහැ (නි)

:       0       0

චන්න බුවනක Tuesday, 06 October 2015 02:22 PM

සෞදි වල මම වැඩකරන ආයතනයක ට්‍රේලර් රියදුරෙකුට කළ හදවත් සැත්කමකින් පසුව අයිතිකරු විසින් නැවත රැකියාව ලබාදී ඔහුට වැඩ කිරීමට කුඩා වාහනයක් ලබාදුන්නා. එහිදී ඔහු රියදුරාගේ රැකියාවේ වගකීම බැරෑරුම්කම ගැන සිතුවා. නමුත් මෙම ගුවන් සමාගම ජීවිත 152 ක් ගැන නොසළකා තිබෙනවා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 07 October 2015 04:40 AM

සවුදි ගොඩක් හොඳ මිනිස්සු ඉන්නවා (ම)

:       0       0

තිළිණ Wednesday, 07 October 2015 04:51 AM

සහය නියමුවාගේ දක්ෂතාවය අගය කරනවා (නි)

:       0       0

කිරන් Wednesday, 07 October 2015 04:53 AM

ගුවන් නියමුවෝ වාසනාවන්තයි (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Wednesday, 07 October 2015 05:07 AM

පිටිගල මිලානෝ තවත් වෛද්‍යවරයකුට කාගේවත් කෙනෙක්ගේ වෛද්‍ය තොරතුරු ඕනි නෑ එ්ත් ඔහුගෙන් වෛද්‍ය උපදෙස් ගැනීමට ගියොත් අනිවාර්යෙන් සියලු තොරතුරු ලබා දිය යුතුයි. තව දෙයක් ගුවන් යානා නියමුවෙක්ට තමන්ට ඕනි ඕනි තැන් වලින් වෛද්‍ය උපදෙස් ගැනීමට හෝ ප්‍රතිකාර ගන්න බැ. එ්ක බොරුවක් . ගුවන්යානා සමාගමේ වෛද්‍ය සායනයක් තියෙනවා .එතනින් තමයි සේරම වෙන්නේ. ගුවන් යානා නියමුවෙක් (සැම නියමුවෙක්ම බස් කෝච්චි පවා) සැම තුන් මසකට වරක් වෛද්‍ය පරීක්ෂණයකට යන්න වෙනවා.ප්‍රතිපල අනිවාර්යෙන් ගුවන් සමාගමේ වෛද්‍යවරයාටත් යනවා .එතන දෝෂයක් ඇත්නම් ඔහුට හෝ අැයට තව දුරටත් වැඩ කිරීමට නොහැකිය. (බ)

:       0       0

නාමල් Wednesday, 07 October 2015 05:12 AM

මෙතැන අදහස් දාන අය වෛද්‍යවරුන්ටත් වඩා දන්නවා වගේ. ගුවන් සමාගමකින් තම නියමුවන්ව වසරකට දෙවරක් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කරනවා. නමුත් සමහර හෘදයාබාධ එකවිටම ඇතිවෙනවා. මෙතැනත් වෙන්න ඇත්තේ ඒ වගේ දෙයක් (නි)

:       0       0

මගලි ෆර්නැන්ඩෝ Wednesday, 07 October 2015 05:15 AM

රූපවතී, සැමියාගේ ලෙඩේ හරි බිරිඳගේ ලෙඩේ හරි අනිවාර්යෙන් කියනවා දෙනාගෙන් එක්කෙනෙකුට.නැත්නම් වැඩිහිටි දරුවෙකුට.දැනුවත් කරනවා පවුලේ කෙනෙක්ව.ඒ ලෙඩාට සාත්තු කරන්නේ ගෙදර කෙනෙක්නෙ.වැඩිය ඕනෑ නැහැ ලෙඩාටත් කියනවා. අපිත් ඉන්නේ යුරෝපයේනේ අනේ (නි)

:       0       0

සාමා Friday, 09 October 2015 01:18 AM

මේකටත් යහපාලනයට දොස්කියන පිවිතුරු යහපාල උන්නැහේ කෝ අද නැද්ද? (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Wednesday, 07 October 2015 09:14 AM

ලෙඩා මෙරුනත්, බඩ සුද්ද වෙලා වගේ වැඩක්. (ර)

:       0       0

අශෝක Wednesday, 07 October 2015 01:22 PM

බයි පාස් සැත්කමක් කරාට පස්සේ හිටියටත් වැඩිය නිරෝගියි. අනෙක සෑම ගුවන්/නාවික සමගමකම කෙනෙක් වසරකට සැරයක් ගුවන් හෝ නාවික වෛද්‍ය සහතිකයක් ගැනීම සිදුකරනවා. එහෙත් හෘදයබාදයක් නැවත සෑදීම වලක්වාගැනීමට බැහැ. දියුණු රටවල ප්‍රධාන නියමුවාට අමතරව අනෙක් සහයක නියමුවන්ටද ප්‍රධාන නියමුවන්ගේ සුදුසුකම් සහ එක්ස්පීරියන්ස් එක තියෙනවා. ලංකාවේ නම් අරලියගහ මන්දිරේ ලුණු සුද්ද කරපු එකාත් සහයක නියමුවා හැටියට ගිය කාලයක් තිබුනා (බ)

:       0       0

පෙරේරා Friday, 09 October 2015 02:15 AM

මම ඉන්න රටේ ,ලෙඩා වයස අවුරුදු 16ට වැඩි නම් තීරණ ගැනීමට වයස මුහුකුරා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ අවසරය නැතුව ශක්‍රයාටවත් වෛද්‍යවරයා හමුවීමට කාමරයට පැමිණිය නොහැක. මට මතක් වෙනවා 2004 දී මම ඉස්සර වැඩකරපු කොළඹට ආසන්න රොහලේ ඕ.පී. ඩී එක. අපි වෛද්‍යවරු 10 දෙනෙක් පෝළිමට මේසවල ලෙඩ්ඩු බලනවා තනි හෝල් එකේ.ඒක ඇතුළේ යුද්දේ වගේ. බොහෝ ලෙඩ්ඩු කට ඇරගෙන තමාගේ ලෙඩේ පැත්තක තියාගෙන අනුන්ගේ ලෙඩ ගැන අහගෙන ඉන්නවා. පැයකින් මුළු ලංකාවම අර මනුස්සයාගේ ලෙඩේ දන්නවා. දැන්නම් එය මහා රෝහලක් නිසා හොඳ ඇති. හැබැයි මම ගිය ජූනි මාසේ පිළිකා රෝහලට ගියා. සමහර වාට්ටු තාම නරලොව අපායවල්. (නි)

:       0       0

අමල් Wednesday, 07 October 2015 06:00 AM

සහය නියමුවා නිසා මගින් බේරුනා. (ර)

:       0       0

නිමල්-නිශාන්ත Wednesday, 07 October 2015 09:38 AM

අනේ මන්දා මෙතන අදහස් දාන අය රෝහණ, ඉනෝකා නාමල්, එකිනෙකාට පරස්පර විරෝධී අදහස්. වෛද්‍යවරු 41 දෙනෙකුගෙන් ප්‍රතිකාර ගත්තාලු. අන්තෙර්ජාලයට ගොස් බලන විට "ජෙර්මන් වින්ග්ස්" සහය නියමුවා හතලිස් එක් දෙනෙකුගෙන් ප්‍රතිකාර අරගෙනත් දෙමාපියන් පවා එය දැනගෙන ඉඳලා නැහැ. ඔක්කොම හංගාගෙන ඉඳලා තමයි සිය දිවි නසාගෙන තිබෙන්නේ. එහෙම නම් ගුවන් සමාගම දැනගෙන ඉන්න එපාද? (ර)

:       0       0

ඉනෝකා Tuesday, 06 October 2015 03:51 PM

මට මතකයි මේ අවුරුද්දෙ මාර්තු මාසේ ෆ්‍රෙන්ච් ඇල්ප්ස් වල සිදු වූ ගුවන් අනතුර.එහි සිටි එක් ගුවන් නියමුවෙක් දොස්තරවරුන් 41එක් දෙනෙකුගෙන් ආතතියට ප්‍රතිකාර අරගෙනත් කිසිවෙකුවත් නොදැන නේ එම අනතුර වෙලා 150ක් මිය ගොස් තිබෙන්නේ. පිටිගල මිලනොගේ සටහන කියවද්දී මට මේකත් සිහියට නැගුනා. (අ)

:       0       0

රූපවතී Tuesday, 06 October 2015 06:40 PM

පිටිගල මිලානෝ සොයුරාගේ කියමන 100% නිවැරදියි.ඒ වගේමයි ආරක්ෂක අංශයත්, රූපවාහිනි පුවත් සේවයත්, අපේ රටේ වගේ නොව කපලා මරලා අතවර කරලා ... තියන කෙනෙකුගේ ලේ බිඳුවක්වත් මාධ්‍ය තුළින් මහා ජනයට නොපෙන්වන අතර වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න පුද්ගලයාගේ විස්තර ඉතාම රහසිගතයි. වෛද්‍යවරු, හෙදියන් වැඩ බාරගනිද්දී දෙන දිවුරුම තමයි ඒ. කිසිවෙකුට ඒ ලෙඩාගේ විස්තර පිටවෙන්නේ නැහැ.බිරිඳගේ අසනීප වැඩි විස්තර ස්වාමියට දැනගන්න ඕනෑනම් බිරිඳ ඒ වෛද්‍යවරයාට ලිඛිතව දැනුම්දීමක් කළයුතුය. ඒකටත් එක්ක අපේ රටේ? (නි)

:       0       0

තුෂාරී-ලන්ඩන් Tuesday, 06 October 2015 06:40 PM

මාගේ දරුවාගේ රුධිර පරීක්ෂණ වාර්තාව ඉල්ලා සිටිවිට මටවත් එය ලබාදුන්නේ නැහැ.පවුලේ කෙනෙකුගේ වුණත් වෛද්‍ය වාර්තා,(බාල වයස්කරුවකුගේ හැර)අපට ලබාගන්නට බැහැ. බටහිර රටවල් ඒ තරමට රෝගියාගේ රහස්‍යබාවය රකිනවා.එය එක අතකින් හොඳ වුණාට මෙවැනි සිදුවීම් වලින් නම් පෙන්වන්නේ එය කෙතරම් අනර්ථකාරිද කියා නොවේද......? සහාය නියමුවාගේ දක්ෂකමින් මඟීන්ගේ වටිනා ජීවිත බේරුණු එක නම් සතුටට කරුණකි. (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 07 October 2015 04:07 PM

මැටි පහන මහතා. උගත් කමක් තියෙනවනම් ඕනෑම රටක ඕනෑම කෙනෙක් සලකනවා. හොඳ රැකියා තිබෙනවා. මම කියූ රියදුරාගේ ඔපරේෂන් එකට සම්පුර්ණ වියදම කොම්පැනි එකෙන් කලේ.(අ)

:       0       0

සිල්වා Wednesday, 07 October 2015 04:13 PM

මමනම් දන්නා විදිහට බටහිර රෝගියා රෝහලට ඇතුල් වෙනකොට එයාල අහනවා කව්ද ඔයා ගේ බාර කාරය කියල (නෙස්ට් ටු කින් ). එයාට විතරයි රෝගියා ගැන විස්තර දෙන්නේ . එයා පව්ලේ කෙනෙකුම විය යුතු නැහැ . රෝගියා කැමති කෙනෙක් (අ).

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇක්වා මෑන්ගෙන් ලංකාවට පැසැසුම්
2024 පෙබරවාරි මස 22 739 0

ශ්‍රී ලංකාව සිය කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ජේසන් මමෝවාගේ සතුටට හේතුවක් වී ඇත.


අයිෆල් කුලුන ආයෙත් වහලා
2024 පෙබරවාරි මස 21 1315 1

ප්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලෙකන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි.


න්‍යෂ්ටික අවි අභ්‍යවකාශයේ රැඳවීමේ අදහසක් නෑ - පුටින්
2024 පෙබරවාරි මස 21 190 0

ඇමෙරිකාව මෙන්, න්‍යෂ්ටික අවි පෘථිවි කක්ෂයට ඉහළ අභ්‍යවකාශයේ රැඳවීමට තමන්ට හැකියාව ඇති නමුත්, එසේ කිරීමේ කිසිදු අදහසක් නොමැති බව රුසියන් ජනාධිපති ව්ලැ


හවුල් රජයක් පිහිටුවන්න කැමැතියි
2024 පෙබරවාරි මස 21 1536 1

දින ගණනක් තිස්සේ, දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, හවුල් රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය නවස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ සහ ඝාතනයට ලක්වුණු


අක්‍රිය වූ චන්ද්‍රිකාව අද පොළොවට වැටෙනවා
2024 පෙබරවාරි මස 21 1479 0

යුරෝපා අභ්‍යවකාශ ආයතනය, පෘථිවි කක්ෂයේ රඳවා තිබූ චන්ද්‍රිකාවක් අද (21) පොළොවට කඩා වැටීමට නියමිතය.


පුටින්ගෙන් උතුරු කොරියා නායකයාට කාර් එකක් තෑගි
2024 පෙබරවාරි මස 20 335 0

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් මෝටර් රථයක් තෑගි වශයෙන් ලැබී ඇත. මෙම මෝටර් රථය උතුරු කොරියානු නායකයාට ලැබී


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 163 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 230 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 253 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site