IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නියමුවන් නැති යානා තැපෑලටත්

තැපෑලටත් ඩ්‍රෝන යානා යොදාගැනීමට ඇමරිකා ආයතනයක් සැළැසුම් කරමින් සිටී.

මේ දිනවල කතාබහට ලක්වන ඩ්‍රෝන යානා ප‍්‍රචලිතව ඇත්තේ නියමුවන් රහිත ප‍්‍රහාරක යානා ලෙසය.දුරස්ථ පාලකයකින් පාලනය වන මේ යානා ඇමරිකා හමුදා මෙහෙයුම් වලදී නිරතුරුම යොදා ගැනේ.සතුරාට නොදැනෙනසේ ගුවනේ සිට ඔත්තු බැලීමේ කාර්යයටද ඩ්‍රෝන යානා යොදාගනු ලබයි.

මැට්නේට් නම් මේ ආයතනයේ වෑයම යුද මෙහෙයුම් වෙනුවෙන් නිර්මාණය කර ඇති ඩ්‍රෝන යානා වෙනත් එදිනෙදා සේවාවන් සපයා දීමටත් හැකිවන සේ වැඩිදියුණු කිරීමයි.දැනටමත් එවන් ඩ්‍රෝන යානා සමූහයක් යොදාගනිමින් හයිටි හි නගර අතර භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතියක්ද අරඹා ඇතැයි සදහන්ය.

සමාගමේ ඊළග උත්සාහය ඩ්‍රෝන යානා මගින් කෙරෙන තැපැල් සේවයක් හදුන්වාදීමටයි.ඒ සදහා ඔවුන් තෝරාගෙන ඇත්තේ ඇමරිකාවේ මැන්හැටන් නගරය වන අතර ළගදීම අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබේ.

භාණ්ඩ ප‍්‍රවාහන සේවයටත්,තැපැල් සේවයටත් ඩ්‍රෝන යානා යොදාගතහොත් දැනට එම සේවාවන් සදහා වැය කරන විශාල මුදල ඉතිරිකර ගත හැකි වනු ඇතැයි මැට්නේට් සමාගම පවසයි.



අදහස් (0)

නියමුවන් නැති යානා තැපෑලටත්

ගාමිණී-සිරි Sunday, 02 June 2013 10:41 PM

ඩ්‍රෝනා මල්ලී ,ප්‍රහාරක වැඩේ නවත්වලා තැපැල් වැඩේට ගිය එක බොහොම හොඳ වැඩක්. මුද්දර ගාස්තු වලින් පාඩුයි කියලා හෙරොයින්, කංසා මිලට ගන්න, බෙදාහරින්න යන්න නම් එපා පුතෝ හරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site