පසුගිය 7 වැනිදා බොකෝ හරාම් අන්තවාදීන් නයිජීරියාවේ බාගා හා ඩොරොන් බාහා නගර වල සිදුකළ මහා සංහාරයෙන් මියගිය සංඛ්‍යාව 2500 ක් පමණ විය හැකි බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කියයි.

එම සංවිධානය බාගා හා ඩොරොන් බාහා ප්‍රදේශ දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයන් දෙකක් නිකුත් කර තිබෙන අතර ඉන් එකක ජනවාරි 2 වැනිදා එම නගර දිස්වූ ආකාරයත් අනෙකේ ජනවාරි මස 7 වැනිදායින් පසු එම නගර දිස්වූ ආකාරයත් දැක්වේ.

ජනවාරි 2 වැනිදා ඡායාරූපයේ රත් පැහැ තිත්, එනම් අධෝරක්ත කිරණ ආධාරයෙන් තහවුරු කරගත් ප්‍රාණීන් රාශියක් දැකගත හැකිය.නමුත් ජනවාරි මස 7 වැනිදායින් පසු ගෙන තිබෙන ඡායාරූපයේ එවන් තිත් කිසිවක්ම නැති ගානය

බොකෝ හරාම් අන්තවාදියෝ සිදුකර ඇති විනාශයේ තරම මින් හොදින් පැහැදිලි වන බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.

බාගා හා ඩොරොන් බාගා පවතිනුයේ බෝකෝ හරාම් පාලනය යටතේ පවතින ප්‍රදේශයක වීම නිසා එම නගර වලට ළඟාවීමද දුෂ්කර වී තිබේ.

සංහාරයෙන් බේරාගෙන පලාවිත් තිබෙන කිහිපදෙනෙකු නයිජීරියා ආරක්ෂක අංශ වෙත භාරවී තිබෙන අතර ඔවුන් පවසන ආකාරයට එක්වනම නගරයට කඩා වැදුණු අන්තවාදියෝ වෙඩි පිට වෙඩි තබමින් උමතුවෙන් මෙන් හැසිර ඇත.

නගර වැසියන් මැස්සන් මෙන් මැරුණු බව එම බිහිසුණු සිදුවීම විස්තර කරනා දිවි ගලවාගත් පුද්ගලයෙකු පවසයි.

ඇතැම් වැසියන් බෝට්ටු වල නැගී ගග තරණය කර දිවි ගලවාගැනීමට උත්සාහ කළත් ඒවාටද අන්තවාදීන් වෙඩි ප්‍රහාර එල්ල කර විනාශ කළ බව ඔහු කියයි.

නයිජීරියාවට පිළිලයක් වී ඇති බොකෝ හරාම් අන්තවාදීන් මේ දක්වාම මර්දනය කිරීමට නොහැකිව ඇත්තේ නයිජීරියා ආරක්ෂක අංශ වල උදාසීන භාවය නිසායැයි නිතර චෝදනා නැගෙන්නකි. එහි අසත්‍යතාවක්ද නොමැත්තේ මුල් කාලයේම නයිජීරියා ආරක්ෂක අංශ අන්තවාදී ප්‍රහාර වලට දැඩිව ප්‍රතිචාර දැක්වූයේ නම් නියපොත්තෙන් කඩන්නට හැකිව තිබූ දෙය පොරොවෙන් කැපිය යුතු තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වාගත හැකිව තිබුණු නිසාවෙන්ය.

බොකෝ හරාම් අන්තර්ජාතික අවධානය දිනාගත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පාසැල් දැරියන් 300 දෙනෙක් පමණ පැහැර ගැනීමත් සමගය.ඉන් දැරියන් කිහිපදෙනෙක් පැන ඒමට සමත්ව තිබෙතත් වැඩි දෙනෙක් තවමත් සිටින්නේ අන්තවාදී ග්‍රහණයේය.

බොහෝ හරාම් නායකයා අබුබක්කාර් ෂෙක්කු නම් නයිජීරියා ජාතිකයෙකු ලෙස හඳුනාගෙන තිබෙන අතර ඇමරිකා රජය ඔහු සම්බන්ධ තොරතුරක් ලබාදෙන්නකුට ඩොලර් ලක්ෂ 70 ක ත්‍යාගයක් ලබාදෙන බවටද නිවේදනය කර තිබේ.

1DC5698200000578-2910580-Master_of_disguise_Boko_Haram_leader_Abubakar_Shekau_points_at_t-m-9_1421325439083 24B39BA400000578-2910580-Destruction_It_s_estimated_that_2_500_people_were_killed_and_ove-a-11_1421309674446 24B2046800000578-2910580-Before_Infra_red_images_show_the_densely_populated_village_of_Do-a-9_1421309674428 24B2047900000578-2910580-Wave_of_terror_The_yellow_dots_in_this_satellite_image_taken_aft-a-12_1421309674454